Chapter 22 - "EVERYTHING WILL BE OK..!"

769 147 39
                                    

▪▪▪(Taehyung's POV)▪▪▪

වෙනදා වගේම මගේ මැණික ඇහැරේවි කියලා හිතන තවත් දවසක් පටන් ගත්තේ, කාලය ගෙවිලා යන වේගේ ගැන හිතා ගන්නවත් බැරි විදිහටයි. මාස තුනක් පුරාවම මං හැමදාම නැඟිට්ටේ ඒ ප්‍රාර්ථනය එක්ක වුනත් මේ වෙකන්ම මේ ලොකේ ඉන්නවායි කියන දසදාස් ගාණක් වුණු දෙවිවරුන්ගෙන් කාටවත්ම මගේ ප්‍රාර්ථනය ඇහිලා නෑ වගෙයි. ඊයේ රෑ හදිසියේම ෂින්ඒගේ heartbeat rate එක වෙනස් වුණු නිසා, එයා ගාවම ඉදපු මටත් එතනම නින්ද ගිහින් තිබුනා. පුටුවේ නුහුරුවට නින්ද ගිහින් තිබුනු නිසාදෝ, උදේ නැගිටිද්දී බෙල්ල රිදුම් දෙන්න ගත්ත නිසා, බෙල්ලත් අතගගාම මං wash room එකට ගියේ office යන්න කලින් quick bath එකක් දාලා refresh වෙලා යන්න හිතාගෙනයි.

•••••••••••••••••••••••••••••••••••>>>>>>>>

“අජුම්මා.., ඔය වැඩ කරන අතරේ නිතරම ගිහින් ෂින්ඒ ගැනත් බලන්න හරිද..? මොකක් හරි වෙනසක් පෙනුනොත් ඒ වෙලාවෙම doctor ට call කරන්න... ඊට පස්සේ මට කියන්න... මොකද doctor යි මෙතනට මුලින්ම එන්න ඕනේ... අහ්..! අද සමහර විට nurse කෙනෙක් එයි ෂින්ඒව බලා ගන්න... ඒත් ඔයත් හොයලා බලන්න අජුම්මා...”
“අනේ මං බලන්නම් පුංචි මහත්තයා... මාත් බලන් ඉන්නේ අපේ මේ ෂින්ඒ නෝනා නැඟිටිනකන් තමයි... මොකද එදාට තමයි අපේ පුංචි මහත්තයාගේ මූණේ හිනාවක් දකින්න පුළුවන් වෙන්නේ කාලෙකට පස්සේ...”
අජුම්මා කියපු දේට පුංචි හිනාවකින් පිළිතුරු දෙන ගමන් මං car key එකත් අරන් එලියට ආවේ, අද තියෙන meeting එකට කලින් හැමදෙයක්ම ලෑස්ති කර ගන්න නම් ඉක්මනට company එකට යන්න ඕන නිසයි.

••••••••••••••••••••••••••••••••••>>>>>>>>>

“ජන්ග්කුකා.., අර files ටික ready ද..? එහෙනම් ඉක්මනට ඒ ටිකත් අරන් එන්න... යුකාටත් එන්න කියන්න මගේ office එකට ඉක්මනට... මට මේ file ටික පිලිවෙලට හදාගන්න උදව් ඕනේ කියලා... අහ්..! මේ Mr. Kang කියපු වෙලාවටත් පැයකට විතර කලින් ඇවිත් නිසා මගේ ඔලුව නිකන් පිස්සන් කොටුවක් වගේ...”
මෙදා පාර project එක භාර දුන්න Mr. Kang නම් මට එපා වුණා. project එක භාර දෙන්න කියපු දවසට කලින් ඒක ඉල්ලලා මදිවට එන්න කියපු වෙලාවටත් කලින් ඇවිත්. එයාට නම් ඉතින් වෙලා ඕන තරම් ඇති. ඒත් අපේ company එකේ ළමයිට හරියට කන්නවත් වෙලාවක් නෑ එයාගේ බොරු හදිසිය නිසා. ඇයි එයාගේ වැඩ පරක්කු කරලා, අපේ වැඩ කලින් ඉල්ලනවා. මොනා කරන්න ද ඉතින් භාරගත්ත වැඩ කොහොම හරි ඉවර කරන්නත් එපැයි. ඒත එක්කම වගේ යුකා office එකට ආවේ files ටික ඉල්ලගෙනමයි. එයාටත් sofa එකට files ටික පිලිවෙලකට හදන්න කියලා, මං project එකේ presentation එක ගැන බැලුවේ කොතනකවත් වැරැද්දක් නැති වෙන්න ඕන නිසයි. නැත්තන් අපේ company එකේ නමටයි හානි වෙන්නේ. ඒත් එක්කම වගේ call කරේ ජන්ග්කුකායි.
“හරි හරි... මං තව විනාඩි පහකින් එන්නම්... එතකන් කතාවට අල්ලගෙන ඉන්න Mr. Kang ව... යුකා අපි ඉක්මනට යන්න ඕනේ... ජන්ග්කුකා අරහේ ඉදන් කෑ ගහනවා එයාට වෙන වල්පල් නැහැලු කියව කියවා ඉන්න...”
Call එක cut කරන ගමන් මං යුකාට එහෙම කියාගෙනම pen එකත් අරගෙන නැඟිට්ටේ, යුකාත් files ටික අතට අරන් මගේ පස්සෙන් එන අතරේමයි.

°°LIGHT ON ME°° (COMPLETED)Où les histoires vivent. Découvrez maintenant