Chapter 30 - "LIGHTS OF MY LIFE" (Part 03)

550 96 17
                                    

(Final Chapter)

▪▪▪(Shin Ae's POV)▪▪▪

අසුන්දර සිදුවීම් ගොඩකට මුහුණ දුන්නායින් පස්සේ සුන්දර සාමකාමී කාලයක් ඉදා වුණේ., හරියට කර්කෂ සීත සෘතුවකට පස්සේ එන වසන්ත කාලය වගේ. මීට අවුරුදු හතරකට විතර කලින් නම් මං හිතන් හිටියේ, මගේ ජීවිතේට එන්නේ සීත සෘතුවක් විතරයි කියලා වුණත්., ඒ හැඟීමේ ඉදන් හැම දෙයක්ම වෙනස් වුණා ටේ මාත් එක්ක හිටිය හැම මොහොතක් ගානෙම.

බූසන් වල තිබුණු අපේ ගෙදර බැල්කනි එකට වෙලා මං අහස දිහා බලාගෙන කල්පනා කර කරා හිටියේ අපේ ජීවිත වෙනස් වුණු විදිහ ගැනයි. මීට අවුරුදු හතරකට විතර කලින් මං මේ බූසන් වල පුංචි ගරා වැටෙමින් තිබුණු apartment එකක ඉදන්ම අහස දිහා බලන් කොච්චර නම් අඬන්න ඇතිද මගේ කියලා කිසිම කෙනෙක් නැතුව. ඒත් අද මං කවදාවත් හිතුවේ නැති විදිහේ ලොකුම ලොකු ගේක සැප සම්පත් ගොඩක් එක්ක ජීවත් වෙනවා.

"මොනාද තොල් දෙකත් පෙරලන් මෙච්චර කල්පනා කරන්නේ..? හඳට යන්නවත් ද..?"

දැන් නාලා ආපු ගමන් නිසාදෝ සීතල වෙලා තිබුණු අත දෙකන් ටේ මාව පිටි පස්සෙන් ඇවිත් වැළඳ ගත්තේ මට කිසිම අපහසුවක් නොදැනෙන්න වග බලාගෙනයි. මේ මාස අට පුරාවටම ටේ මාව ඇල්ලුවෙත් පවා හරිම පරිස්සමට. ඒ තරමටම එයා මාව ආරක්ෂා කලා. ඇත්තම කිව්වොත් මාව විතරක් නෙමේ අපි දෙන්නවම.

"දැන් ආව වෙලාවේ ඉදන් කිය කියා හිටියා නේද කකුල් රිදෙනවා කොන්ද රිදෙනවා කියලා... ඒත් දැන් ඔක්කොම රිදිලි පැත්තකින් දාලා මෙතනට වෙලා හිටන් ඉන්නවා... මොනාද මෙච්චර හිතන්න තියෙන්නේ..? මටත් කියන්න... එතකොට මටත් ඒවයෙන් භාගයක් හිතලා ඉක්මනට ඉවර කරන්න පුළුවන්නේ..."

ටේ මාව වැලඳගෙනම දඟකාර හඬකින් එහෙම කියද්දී නම් මට හිනා ගියා. දැන් නම් මාස ගානක ඉදන්ම මට ඔය ටේගේ නොකියා කියන නෝක්කාඩු කතා පුරුදු වෙලා වගේ. මං චුට්ටක් හරි වැඩියෙන් මහන්සි වුණොත් ටේගෙන් ආදරණීය අවනඩුවක් අහගන්න පුළුවන්.

"ඉතින් ගොඩ කාලෙකට පස්සේනේ අපි බූසන් ආවේ.., ඉතින් මට ඉස්සර වගේ අහසත් එක්ක කතා කරන්න ඕන වුණා..."

°°LIGHT ON ME°° (COMPLETED)Kde žijí příběhy. Začni objevovat