▪▪▪(Shin Ae's POV)▪▪▪
Funeral එකට යනකන්ම ටේහ්යුන්ග්නාත් මං අතරත් කිසිම කතා බහක් නොවුනත් මං ටේහ්යුන්ග්නාගේ ඇස් වලින් වෙනදට එයාගෙන් දකින දැඩිබව පෙනුනේ නෑ. ඒ වෙනුවට මං දැක්කේ නොසන්සුන් වුණු ඇස් දෙකක්. ටේහ්යුන්ග්නාට ඔම්මාගෙන් ආදරේ නොලැබුණත් ටේහ්යුන්ග්නා එයාගේ ඔම්මට කොච්චර ආදරේ කලාද කියලා මං හොඳටම දන්නවා. ටේහ්යුන්ග්නා එච්චර ආදරේ කරපු එයාගේ ඔම්මා නැතිවුණාම දැනෙන වේදනාව මටත් දැනිලා තියෙනවා ඕනවටත් වඩා. ඒ නිසාම මාත් ටේහ්යුන්ග්නාත් එක්ක නිශ්ශබ්දවම ගියේ තවත් එයාගේ හිත නොසන්සුන් කරන්න ඕනි නැති නිසයි.
••••••••••••••••>>>>>>>
“ටේහ්යුන්ග්නා.., නෝ ක්වෙන්චන්නි..?” (Are you ok.?)
Funeral එක තියෙන room එක ළඟට වෙලා ඇතුලට යන්නේ නැතුව බලන් හිටිය ටේහ්යුන්ග්නාගෙන් මං එහෙම අහද්දි නම්, ටේහ්යුන්ග්නා මං දිහා බලලා යාන්තමට වගේ හිනා වුණේ හරියට එයා හොඳින් කියන්න වගේ.
“එන්න මහත්තයා ඇතුලට...”
එකපාරටම වැරහිච්ච ඇඟක් තිබුණු, ඒත් තරුණ වයසේ කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් අපි හිටිය දොරකඩට ඇවිත් එහෙම කියද්දී මාව විතරක් නෙමේ ටේහ්යුන්ග්නාත් ගැස්සිලා ගියාද කොහෙද.
“එන්න නෝනා ඇතුලට...”
අමුතු විදිහට මං දිහා බලාගෙන එහෙම කියද්දීම වගේ ටේහ්යුන්ග්නා මාවත් එක්කගෙන ඇතුලට ගියේ, හරියට ඒ කෙනාගෙන් මාව ඈත් කරලා තියන්න වගේ.ටේහ්යුන්ග්නාගේ ඔම්මා ගැන මං ගොඩක් දේවල් ජීමින් සම්බේගෙන් දැනන් හිටියත්, පලවෙනි වතාවටයි photo එහෙකින් හරි මං මේ එයාගේ ඔම්මාව දකින්නේ. සුදු පාට මල් ගොඩක් මැද ලස්සනට හිනා වෙලා හිටපු ටේහ්යුන්ග්නාගේ ඔම්මාගේ photo එක දකිද්දී මට හිතුනේ ටේහ්යුන්ග්නට මේ තරම් ලස්සනක් එන්න ඇත්තේ එයාගේ ඔම්මගෙන් කියලයි. ඒත් එක්කම මගේ ඇස් යොමු වුණේ ටේහ්යුන්ග්නාගේ දිහාවටයි. එයාගේ ඔම්මාගේ දිහාවට යොමු වෙලා තිබුණු ඒ ඇස්වල රැදිලා තිබුණු කඳුළුවලට හේතුව එයාගේ ඔම්මාව ආයේ දකින්න නොවෙන එකද, නැත්නම් ටේහ්යුන්ග්නාට එයාගේ ඔම්මාගේ ආදරේ විඳින්න ඉඩ නොලැබුණු එකද කියලා නම් මට හිතා ගන්න බැරිව හිටියේ. ඒත් එකපාරටම ඇහුන සද්දෙත් එක්ක අපි දෙන්නගෙම අවධානය ඒ පැත්තට යොමු වුණා.
VOCÊ ESTÁ LENDO
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝