▪▪▪(Ah Ra's POV)▪▪▪
ඔප්පව ගොඩ වෙලාවකින් දැක්කේ නැති නිසාම මං ඔප්පව හොයා ගෙන ඔප්පාගේ room එකට ගියේ මං දැන් ටිකකට කලින් හැදුව බීම එකත් අරගෙනමයි. මොකද අද දවසෙන් භාගයක්ම ඔප්පා මාත් එක්ක මගේ school එකේ වැඩ වලට ගිය නිසා මහන්සියට ඇඳට වෙලා ඇතියි කියලයි මට හිතුනේ. ඇත්තටම මට මගේම එක කුස උපන් ඔප්පට වඩා මේ ටේහ්යුන්ග් ඔප්පා ගැන විශ්වාසයක් වගේම ආදරයක් තියෙනවා කියන එක මටම දැනෙනවා. ඇත්තටම මං දන්නේ නෑ ටේහ්යුන්ග් ඔප්පා මේ කාත් කවුරුවත් නැති මාව මේ තරම් ආදරයෙන් බලා ගන්නේ ඇයි කියලා නම්. ඒත් මට ඔම්මාත් එක්ක හිටිය කාලේ වගේම ආරක්ෂාකාරී හැඟීමක් තියෙනවා ටේහ්යුන්ග් ඔප්පත් එක්ක ඉද්දී. ඒ නිසාමයි මං ඔප්පා එපා කිව්වත් මට පුළුවන් විදිහකට මං මේ ගෙදර වැඩ ටික කරන්න උත්සාහ කරන්නේ. මොකද ඔප්පා මං වෙනුවෙන් කරන ඒ දේවල් වෙනුවෙන් මට කරන්න පුළුවන් එච්චරයිනේ.
බීම එකත් අරන් මං ඔප්පාගේ room එකට ගියත් ඔප්පා එතන නොහිටිය නිසාම මං ආයෙමත් යන්න කියලා එලියට ආවත්, අයිනෙම වහලා තිබුණු කාමරේ ඇරලා තියෙනවා දැක්ක නිසා මං ඒ පැත්තට ගියේ ඔප්පා එතන ඇතියි කියලා හිතලයි.
“ඔප්...”
ඒ room එක ඇතුලට යන්න කලින් ඔප්පට කතා කරලා ඉන්න හැදුවත් මං කතා කරනවත් එක්කම ඔප්පා කලබලෙන් වගේ පොතකුත් අරගෙන පල්ලෙහට දුවන් ගියේ මං room එක ළඟ හිටියා කියන එක දකින්නෙවත් නැතුවයි.ඔප්පගේ car එක පිටත් වෙන සද්දේ ලාවට වගේ ඇහුන නිසා මාත් හැදුවේ පල්ලෙහට ගිහින්, හදපු බීම එක fridge එකේ දාන්නයි. ඒත් පරණ බඩු, පොත් වගේම photos එහෙම දාලා තිබුණු room එක දකිද්දී මට ඇතුලට ගිහින් ඒ photos බලන්න ආසාවක් ඇති වුන නිසාම මං බීම එකත් ඒ ළඟ තිබුණු මේසයක් උඩින් තියලා ඒ photos තිබුණු හරියට ගිහින් ඒ photos බලන්න ගත්තේ හරිම ආසාවෙන්.
ඔප්පා නම් ඉතින් දැන් වගේම ඒ දවස්වලත් හරිම ලස්සනයි. ඒ ගොඩක් photos වල ඔප්පගේ හොඳම යාළු ඔප්පා වගේම තවත් දැකලා නැති ඔන්නි කෙනෙකුත් හිටියා. ඒ වගේම ෂින්ඒ ඔන්නි ඉන්න photos දෙක තුනකුත් තිබුණා. මං හිතන්නේ ඒ එයාලා school යන කාලේ ගත්ත photos වෙන්න ඇති. මට මතකයි ඔප්පා කිව්වා ෂින්ඒ ඔන්නිත් ඔප්පගේ class එකේමයි හිටියේ කියලා. ඒත් මට හිතා ගන්න බැරිව හිටියේ ඇයි ඔප්පා ඒ photos මේ වගේ room එහෙකට දාලා වහලා තියෙන්නේ කියලයි. මොකද school යන කාලේ යාළුවොත් එක්ක ගත්ත photos කොච්චර සතුටු හිතෙන මතකයන්ද කියලා මාත් දන්නවා. ඉස්සර මට photos ගන්න camera එකක් නොතිබුනත්, යාළුවොත් එක්ක යාළුවන්ගේ photos වලට හිටපු වෙලාවල් කොච්චර විනෝදද කියලා මට හොඳට මතකයි. එකපාරටම මගේ පරණ යාළුවන්ව මතක් වුණ නිසාදෝ හිතට දුකක් ආවත්, මං දැන් ඉන්න විදිහ ඇහුවම එයාලා සතුටු වගේම පුදුම වෙයි කියලයි මට හිතුනේ.
STAI LEGGENDO
°°LIGHT ON ME°° (COMPLETED)
Storie d'amoreLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝