▪▪▪(Taehyung’s POV)▪▪▪
“ෂින්ඒ...”
“යේ..??”
දැන් ටිකකට කලින් සිද්ද වුනු සිප ගැනීම නිසාම තාමත් ලාවට රතු වෙලා තිබුණු තොල් වලින් කලබලයෙන් වගේ ෂින්ඒ එහෙම අහද්දී නම් මට හිතුනේ තවත් ටිකක් මෙයාව රතු කරලා ගන්නයි. ඒ නිසාමයි මං එකපාරටම ආයෙමත් ෂින්ඒ දිහාට ලං වුණේ.
“ට්..ටේහ්යුන්ග්නා... දැ..දැන් ඇති නේද..? අපි තාම ඉන්...”
මං එයා ළඟට ලං වෙද්දී ඇස් දෙකත් ලොකු කරගෙන මූණත් රතු කරගෙන ෂින්ඒ එහෙම කියද්දී නම් මගේ මූණට හිනාවක් ආවේ නොදැනීමයි.
“මොනා ද ඇති ආ..??”
මං හිනා වෙවීම තව ටිකක් එයාට ලං වෙන ගමන් එහෙම අහද්දී ෂින්ඒව තවත් රතු පාටට හැරුනේ එයා තවත් ටිකක් පිටි පස්සට වෙන අතරේදීමයි.ඒත් එකපාරටම ෂින්ඒගේ office door එක ඇරුන නිසා, මායි ෂින්ඒයි දෙන්නම ඈත් වුණේ විදුලියක් වැදුනා වගේ. ඒත් ඇතුලට ආවේ, Secretary Lee නිසා මගේ හිතට පොඩි සහනයක් දැනුනත්, එයා කතා කරපු විදිහෙන් මට හිතුනේ එයා දැක්කද දන්නේ නෑ කියලයි.
“මේ... I'm sorry Mr. Kim... මං මේ දොර ඇරියේ කවුරුවත් නෑ කියලා හිතලයි... මං door එකට තට්ටු කරත් එක්ක... මං ඕනේ නම්...”
“ආනී... Secretary Lee... ඔයා ආවේ මොකටද..?”
මං උපරිම සාමාන්‍ය විදිහට ඇහුවේ, මගේ හිතේ ඇතිවුණු කලබලගතිය නොපෙන්නන්න උත්සාහ කරන ගමන්මයි.
“මං මේ ආවේ ෂින්ඒ-ෂීව හම්බවෙලා ඊළඟ project එකේ files ටික ඉල්ල ගන්නයි... ඒත් මං හිතන්නේ මං...”
“ආ මෙන්න Mr. Lee files ටික...”
Secretary Lee තවත් මොනවත්ම කියන්න කලින්ම ෂින්ඒ Secretary Lee ට files ටික ගෙනත් දුන්නේ, එයාගේ රතු වෙලා තිබුණු මූණ හිනාවකින් වහගන්න උත්සාහ කරන ගමන්මයි. මට නම් ෂින්ඒගේ මූණ දැකලා හිනා යන්න ආවත් අමාරුවෙන් හරි හිනාව නවත්ත ගත්තේ Secretary Lee එතන හිටිය නිසයි.“ඕ... කුමාවෝ ෂින්ඒ...”
හිනාවක් එක්කම එහෙම කියාගෙන එලියට යන්න ගිය Secretary Lee ආයෙම අපේ පැත්තට හැරුනේ, අර අමුතු හිනාවත් එක්කමයි.
“ඒක නෙමේ Mr. Kim.., ඔයා කොයි වෙලාවෙද ආවේ... මං දන්නෙත් නෑ Mr. Kim ආවා කියලා මෙතනදී දකිනකන්ම...”
“මං දැන් ටිකකට කලින් ආවේ... තව ටිකකින් මං ගෙදර යන්නත් ඕනේ, අරා ගෙදර තනියම නිසා...”
මං කටට ආව එක කියලා දැම්මේ Secretary Lee ගේ විනිවිද යන බැල්මෙන් මිදෙන්න උත්සාහ කරන ගමන්මයි.
YOU ARE READING
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝