▪▪▪(Taehyung's POV)▪▪▪
ඇත්තටම පෙරේදා ෂින්ඒට වුණු කරදරය නිසා මං තාමත් හිටියේ හිතේ දෙගිඩියාවෙන් කිව්වොත් මං වැරදි නෑ. ජන්ග්කුකා එක්ක ෂින්ඒව කොරියා වලට යැව්වත් මගේ හිතේ ඇතිවුණ බය අඩු වුණේ නෑ පොඩ්ඩක්වත්. මට නොතේරෙන විදිහේ භයානක හැඟීමකුයි හැම තිස්සෙම මට දැනුනේ මේ සිද්ධියෙන් පස්සේ. ඒ නිසාමයි මං පුළුවන් තරම් ඉක්මනින් මෙහෙ වැඩ ටික ඉවර කරලා ආයෙමත් කොරියාවලට ආවෙත්. කොරියා වලට ඇවිත් හිටියත්, මට ඕන වුණේ ඉක්මනින්ම ෂින්ඒගේ මූණ බලා ගන්නයි. ඒ නිසාමදෝ වෙනදා නැති හදිසියක් මට company එකට යන්න තිබුනේ.
“Driver.., ටිකක් ඉක්මනට යන්න පුළුවන් ද..?”
කට්ටියවම එක්කගෙන යන්න company එකෙන් එන්න කියලා තිබුණු staff bus එක පරක්කු නිසාම, මං airport taxi එහෙක ආවෙත් ඉක්මනට company එකට යන්න කියලා වුණත්, මේ taxi එක යන විදිහට මට කලින් අපේ staff එක ගෙවල්වලට යයි වගේ. සාමාන්‍යයෙන් මාත් මේ වගේ වෙහෙසකර ගමනකට පස්සේ කෙලින්ම ගෙදරට ගිහින් rest එකක් අරන් company එකේ වැඩ ගැන බලන්න ගියත්, මේ වතාවේ සිදු වුණු හැම දෙයක්ම නිසා කොච්චර මහන්සියක් තිබුනත් මට ඕන වුණේ, ෂින්ඒ හොඳින් ද කියලා බලන්නයි. මං දන්නවා ජන්ග්කුකා ෂින්ඒව ගොඩාක් පරිස්සම් කරන්න ඇති මේ වුණු දේවල් එක්ක. ඒත් මට ඕන වුණේ මගේ ඇස් දෙකෙන්ම ෂින්ඒව බලා ගන්නයි. Taxi එකට ගෙවපු ගමන්ම මං ෂින්ඒගේ office එක තියෙන තැනට ගියේ, සමහර අයගේ මාව බලාපොරොත්තු නොවුනු නිසා පුදුම වුණු මූණුවලින් මං දිහා බලන අතරේදීමයි.“ටේහ්යුන්ග්නා...”
මං එකපාරටම එයාගේ office එකට ඇතුල් වුණු නිසාදෝ, ඇස් දෙකත් බෝල කරගෙන මං දිහා බලාගෙන එහෙම ඇහුවේ, පුදුම වුණු හඬකින්. ෂින්ඒගේ ඉස්සරහින් හිටිය ජන්ග්කුකාගෙත් ජීමිනාගෙත් මූණු වලත් ඒ හැටි වෙනසක් තිබුණේ නෑ.
“හෙට හවස නේද ඔයාට එන්න තිබුනේ..? පියඹලවත් ද ආවේ..?”
මාත් එතනට ගිහින් ඉඳගන්න අතරේ ජීමිනා එහෙම අහද්දී නම් මට හොඳ පාරක් දෙන්න හිතුනා එයාගේ ඔලුවට ඇත්තටම. ඇයි අනේ මං මේ පුළුවන් තරම් ඉක්මනට එන්න උත්සාහ කරද්දී මෙයා ඒකත් විහිලුවට අරගෙන. එයාට රවාගෙනම ඉඳගත්ත මං ජන්ග්කුක් දිහා බැලුවේ මේ දවස් දෙකේදී අවුලක් වුණා ද කියලා අහන්න වුනත් ජන්ග්කුකා මට වඩා ඉක්මන් වුණා.
ŞİMDİ OKUDUĞUN
°°LIGHT ON ME°° (COMPLETED)
RomantizmLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝