Chapter 30 - "LIGHTS OF MY LIFE" (Part 02)

644 111 11
                                    

▪▪▪(Taehyung's POV)▪▪▪

“ජන්ග්කුකා එහෙනම් අනිද්දා ඉදන් ලබන සතියෙම තියෙන වැඩ ටිකේ වගකීම මං ඔයාට දෙනවා හරිද..? යුකා එක්ක එකතු වෙලා කරන්න... Mr. කන්ග් (Kang) එක්ක තියෙන meeting එකේදී ඒ contract එක අපිටම දෙන විදිහට වැඩ ටික කරන්න... ඒක ලොකු profitable contact එකක්... මට ෂින්ඒව තනි කරන්න බැරි නිසයි මං යන්නේ... එයා දැනටමත් බයයි කිය කියා අර ඉන්නේ...”

සොෆා එකේ අයිනට වෙන්න file එකකට මූණ ඔබාගෙන ලොකු කල්පනාවක හිටිය ෂින්ඒව ජන්ග්කුකාට පෙන්නන ගමන් මං එහෙම කිව්වා.

“බය වෙන්න එපා හ්යුන්ග්... නූනට දැන් හ්යුන්ග්ගේ උදව් අනිවාර්යෙන්ම ඕනේ... මට ඒ ගැන තේරෙනවා... නූනව පරිස්සමින් එක්කගෙන එන්න හ්යුන්ග් එහෙනම්...”

“හරි හරි... මෙයත් හරියට ෂින්ඒගේ භාරකාරයා වගේනේ...”

මං මූණත් හකුලුවා ගෙන එහෙම කියද්දී නම් ජන්ග්කුකා හිනාවෙවීම කතා කලා.

“නැත්තන් හ්යුන්ග්.., මං තමයි නූනගේ භාරකාරයා... හ්යුන්ග්ට කලින් හොඳේ මං නූනව දන්නේ... බලන්නකෝ නූනව හ්යුන්ග්ට භාර දෙන දවසටත් නූනව එක්කගෙන එන්නේ මං තමයි...”

ආඩම්බරකාර හඬකින් ජන්ග්කුකා එහෙම කියද්දී නම් ඇත්තටම මට ඇස් දෙකට දාන්න බෙහෙතක් අරන් දෙන්න හිතුනා. ඇයි අනේ.., මෙච්චර ලස්සනට දිලිසි දිලිසී ෂින්ඒගේ අයිතිකාරයා එයාගේ ඉස්සරහින් ඉද්දී එයා භාරකාරයා කියා ගන්න නිසා.

 

“හහ්...!! මෙයා බලන්නකෝ... අනේ මන්දා දැන් හැදෙන පොඩි අයත්... වයසට නෙමෙයි කියවන්නේ... හරි හරි ඒවා එදාට බලාගමුකෝ... දැන් ඉතින් ඔයාගේ අර අහිංසක හා පැටික්කි ගාවට යනවා අපිට මෙතන ඉන්න දීලා...”

“ඕමෝ..!! හ්යුන්ග්ගේ මූණෙන් ඉරිසියාව බේරෙනවා... හරි හරි හ්යුන්ග්ගේ තමා නූනා... ඒත් මාත් එයාගේ ඩොන්ග්සේන්ග් හරිද..? ඒක නෙමේ හ්යුන්ග් ඔයා යුකාට ද හා පැටික්කි කිව්වේ...”

ජන්ග්කුකා ඇස් දෙකත් ලොකු කරන් එහෙම අහද්දී නම් මං හිනාව බොහොම අමාරුවෙන් පාලනය කරගෙනයි කතා කලේ.

“නැත්තන් ඉතින්.., මං ෂින්ඒට කවදාවත් එහෙම කියන්නේ නෑනේ...”

“යාහ් හ්යුන්ග්..! ඔයත් මාර විහිළුනේ කරන්නේ... යුකාට හාවෙක් කිව්වොත්, වෘකයින්ට කියන්න දෙයක් නැතුව යනවා... කොයි වෙලේ බැලුවත් මගේ ඇඟට පනින්නේ බලන් ඉන්නේ එයා... මේ හා පැටියා වගේ ඉන්න මට නම් ඒම කිව්වත් කමක් නෑ අර නූනා හැම තිස්සෙම කියනවා වගේ...”

°°LIGHT ON ME°° (COMPLETED)Opowieści tętniące życiem. Odkryj je teraz