▪▪▪(Shin Ae's POV)▪▪▪
“ෂින්ඒයා.., මං යනවා එහෙනම්...”
“ආහ්... පොඩ්ඩක් ඉන්න ඔප්පා...”
ටේහ්යුන්ග් ඔප්පා පල්ලෙහා ඉදන් කෑ ගැහුවේ එයා office යන්නයි යන්නේ කියලා කියන්නයි. ඒත් මගේ room එකට වෙලා හිටිය මං එයාට යන්න එපා කියලා කෑ ගැහුවේ, ඊයේ රෑ මං ඔප්පටත් නොකියම ගත්ත එයාගේ phone එක තාම මං ගාව නේද කියලා මතක් වුණු නිසයි. ඊයේ රෑ දන්නෙම නැතුව නින්ද ගිය නිසා phone එක ආයෙම දෙන්න බැරි වුණා. ඒ නිසාම ඇඳ පුරාම phone එක හෙව්වේ මං කොහේ ඒක දාන්න ඇතිද කියලා හිතන ගමන්මයි. ඒ අතර ටේහ්යුන්ග් ඔප්පා උඩටත් ඇවිත් කියලා මං දැක්කේ එයා මගේ room එකට එබෙද්දිමයි.
“යාහ්... මොනාද මේ ඇඳ යටට රිංගන් හොයන්නේ... කෝ එලියට එන්න... අසනීප වෙන්න ද ආහ් ඔයාට ඕනේ..?”
ඇඳ යට බල බලා ඔප්පගේ phone එක හොය හොයා හිටිය මාවත් ඇදලා එලියට ගන්න ගමන්ම ඔප්පා එහෙම ඇහුවේ ටිකක් දැඩි විදිහටයි.
“ඔප්පගේ phone එක නෑනේ... ඊයේ මෙතන තිබුනා ඒක...”
මං තාමත් වටපිට බලන ගමන් එහෙම කිව්වේ ටිකක් බයෙනුයි.
“අහ්... මං ඒක ගත්තා hand free එකත් කනේ ගහගෙන නිදාගෙන ඉන්න අතරේ... මං ඔයාට අලුත් phone එකක් අරන් එන්නම් අද එද්දී... කොහොමත් අජුම්මත් ඊයේ ගියානේ... අහ්... තව දෙයක්... මෙහෙට මායි, යුකායි, අර ආන්ටියි අන්කලුයි හැරුනු විට කාවවත් ඇතුළු කර ගන්න එපා හරිද... පරිස්සමින් ඇතුලට වෙලාම ඉන්න... මං ඉක්මනට එන්න බලන්නම්...”
එහෙම කියාගෙනම ටේහ්යුන්ග් ඔප්පා මගේ ඇඟේ රැඳිලා තිබුණු දූවිලි ගහලා දැම්මේ හරියට මොනවත් කර ගන්න බැරි පොඩි ළමයෙක් ගැන බලනවා වගෙයි. මාත් ටේහ්යුන්ග් ඔප්පා කියන දේවල් අහගෙන ඔලුව වැනුවේ එයා කියපු විදිහටම කරන්නම් කියලා කියන්න වගේ. ටික වෙලාවකින් තවත් උපදෙස් ගොඩක් දීගෙන ටේහ්යුන්ග් ඔප්පා පල්ලෙහාට ආව නිසා මාත් එයත් එක්කම පල්ලෙහට ආවේ, මට මතක තිබුනු කාලය ඇතුලත මං ගෙදර තනියම ඉන්න පලවෙනි දවස අද නිසා හිතට දැනුනු පුංචි බයත් එක්කමයි. ඒ නිසාම ටේහ්යුන්ග් ඔප්පා ගිය ගමන්ම මං ඉස්සරහ දොරත් වහගෙනම ඇතුලට ආවේ, පොතක් කියවන්න හිතා ගෙනයි.
ESTÁS LEYENDO
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝