Chapter 30 - "LIGHTS OF MY LIFE" (Part 01)

566 122 10
                                    

▪▪▪(Taehyung's POV)▪▪▪

නඩුවේ තීන්දුව දෙනවත් එක්ක ෂින්ඒ හයියෙන් අඬන්න ගත්තේ මෙච්චර දවසක් මේ හැම දෙයක්ම නිසා තිබුණු ආතතිය නිසා වෙන්න ඇති.

“මං තමුන්ව මරනවා යුන් ෂින්ඒ... තමුන්ගේ ඔම්මා අප්පා ළඟටම මං තමුසෙවත් යවනවා... මගේ හැම දෙයක්ම විනාශ කරපු උඹව මං නැති කරලා දානවා...”

පොලිසියේ අය යුන්ග්යුව විත්ති කූඩුවෙන් අරන් යන්න උත්සාහ කරද්දිම ඒ මිනිහා කෑ ගහන සද්දෙට මං ඒ පැත්ත බලද්දිම මං දැක්කේ මං දකින්න බලාපොරොත්තු නොවුනු දෙයකුයි.

“ෂින්ඒ අන්ද්වේ...”

පුටු අතර හිරවෙලා හිටිය මං ෂින්ඒ මගේ පැත්තට ඇදලා ගන්න උත්සාහ කරද්දිත් මං පරක්කුයි කියලා තේරුණේ එයාගේ අතේ තිබුණු gun එකෙන් ලොකු සද්දයක් එක්කම පිටවුණු උණ්ඩය නිසයි... ඒත් එක්කම වෙඩි හඬවල් කීපයක්ම මට ඇහුනත් මං හිටියේ මොනවත්ම හිතා ගන්න බැරි ගල් පිළිමයක් වගෙයි.

“ජන්ග්කුකා...”

කීපදෙනක්ම එහෙම කෑ ගහද්දීයි මං පියවි සිහියට ආවේ.

“ජන්ග්..කුක්...!!”

මට එකපාරටම කියන්න පුළුවන් වුණේ එච්චරයි.

________________________________________

▪▪▪(Shin Ae's POV )▪▪▪

හැම දෙයක් විසඳෙද්දී., මං වෙනුවෙන් ජීවත් වුණු වගේම ජීවිතය නැති වුණු අය සාධාරණයක් ඉටු වුණා කියන දේ හිතට දැනෙද්දී ඇති වුණ හැඟීම විස්තර කරන්න බැරි වුණු නිසයි මට එකපාරටම ඇඬුනේ... ඒත් ටේ එකපාරටම කෑ ගහනවත් එක්කම මට ඇහුනේ මට පිටි පස්සෙන් ලොකු සද්ද ගොඩකුයි. ඒ නිසා පිටිපස්සට හැරෙනවත් එක්කම මං දැක්කේ මං දැක්කේ මගේ ඉස්සරහින් එයාගේ හුරතල් බනී හිනාවත් දාගෙන හිටිය ජන්ග්කුකාවයි... වටපිටාවේ කිසිම දෙයක් ගැන මට ඒ වෙලාවේදී ඇහුනේ නැත්තේ., එකපාරටම මගේ අත් අතරට ආව මගෙ බනී පැටියා නිසයි.

“ක්..කුකියා...”

එයාව අල්ල ගනිද්දිම මගේ අත් වල ගෑවුණු උණුසුම් දියරෙත් එකක්ම මට දැනුනේ කුකියව අත් අතර අල්ලගෙන මාව ඒ පුටුවකින් ඉබේම ඉන්දවෙනවා වගේ.

°°LIGHT ON ME°° (COMPLETED)حيث تعيش القصص. اكتشف الآن