Chapter 26 - "WELCOME BACK"

587 129 13
                                    

▪▪▪(Jungkook's POV)▪▪▪

“බයවෙන්න එපා ජන්ග්කුකා... ඒ වගේම ඔයාට සමාව ඉල්ලන්න දේකුත් නෑ... ඔයා නිසා අපිට මේ හැම දෙයක්ම කරන කෙනාව හොයාගන්න STEP එකක් ඉස්සරහට තියන්න පුළුවන් වුණා... කුමාවෝ... හැමදේටම...”

හ්යුන්ග් මං ළඟින්ම ඉදන් එහෙම කිව්වත් මට එකපාරටම හිතා ගන්න බැරි වුණා හ්යුන්ග් අදහස් කලේ මොකක්ද කියලා.

“ඒ කිව්වේ හ්යුන්ග්...”

මං හිමීට එහෙම අහද්දී හ්යුන්ග් මූණේ හීන් හිනාවක් මැවුනා. ඒ වගේම හ්යුන්ග්ගේ උණුසුම් වගේම කරුණාවන්ත හැසිරීම නිසා මේ වෙද්දී මාව යම්තාක් දුරට සන්සුන් වෙලා කියන එක මටම තේරුණේ, කලින් දැනුනු පපුව හිරවෙනවා වගේ හැඟීම දැන් නොදැනුනු නිසයි.

“අපිට මේ වෙනකන්ම මේ කිසිම දෙයකට අදාල කවුරුවත් අල්ල ගන්න බැරි වුණානේ... ඒත් ඔයා නිසයි අපිට ඒ මනුස්සයව අල්ල ගන්න පුළුවන් වුණේ...”

හ්යුන්ග් එහෙම කිව්වේ බොහොම සන්සුන් හඬකිනුයි.

“ඒත් අපිට ඒ තරම් ලොකු දෙයක් දැන ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නෑ හ්යුන්ග්...”

මං එහෙම කිව්වේ මගේ මූණත් බිමට හරවාගන්න ගමන්මයි. මොකද මට මතක් වුණා ඒ මනුස්සයා කොච්චර වෙව්ලුවද කියලා කලින්. හුරුපුරුදු කෙනෙක් නම් කීයටවත් එහෙම වෙන්නේ නෑ. ඒ වෙලාවේ හිතට ආපු ආවේගෙට කලින් ඒ මනුස්සයට ගහගෙන ගහගෙන ගියත්, දැන් මට හිතෙනවා ඒ මනුස්සයත් මට වුණා වගේම, මේකේ මහ මොලකාරයාගේ ඉත්තෙක් වෙන්න ඇතියි කියලා.

“ආනියා... (නෑ) එහෙම හිතන්න එපා ජන්ග්කුකා... Positively හිතමු අපි... අපිට කොහොම හරි හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් වේවි අනිවාර්යයෙන්ම... පැටලුණු නූල් බෝලයක් වුණත් පොඩ්ඩ පොඩ්ඩනේ ලිහා ගන්න ඕනේ... ඒ වගේ අපිට ලැබෙන පොඩි evidence එකකින් හරි පටන්ගෙන පොඩ්ඩ පොඩ්ඩ මේ හැම දෙයක්ම හොයා ගමු මගේ ෂින්ඒ වෙනුවෙන්...  ඔයාගේ නූනා වෙනුවෙන්...”

හ්යුන්ග් ඒ හැම දෙයක්ම කිව්වේ කල්පනාකාරී වගේම සෘජු හඬකිනුයි. ඇත්තටම එහෙම වුනොත් කොච්චර ලොකු දෙයක් ද.? ඒත් එක්කම වගේ Dr. සොක්ජින් එක්ක අපි හිටිය තැනට ආවේ, officer නම්ජූන්.

°°LIGHT ON ME°° (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora