Chapter 8...

64 21 2
                                    


මං කුස්සියට යද්දි හැල්මොනී කෑම උයනවා... මේසෙ උඩ මං කවදාවත් දැකපු නැති විදිහෙ කෑමත් තිබ්බා...

"හැල්මොනී... ඔයා මේ ඔක්කොම?... වාහ්..."

ඇත්තටම මට මුකුත් හිතාගන්න බැරි වෙලා හිටියෙ...

"මූණ කට හෝදන් එන්න සූ..."

හැල්මොනී හිනාවුනා... එයාට තිබුනේ අවංක හිනාවක්... ඒ වගේම හැල්මොනී අද මාත් එක්ක කතා කරේ පලවෙනි වතාවට...

After 1 year...

මේ අවුරුද්දට හැල්මොනීට මාවත්, මට හැල්මොනීවත් නැතුවම බැරි වුණා... එක දවසක් හැල්මොනී මගෙන් මෙහෙම ඇහුවා...

"ඇයි සූ... එදා ජීවිතේ නැතිකර ගන්න ගියේ?..."

මම මගේ ජීවිතේ වෙච්ච හැමදේම හැල්මොනීට හංගන්නෙ නැතුව ම කිව්වා...

"මම ඔයාට උගන්වන්නම්..."

"හැල්මොනී?..."

"දේ... මම සංගීත ගුරුවරියක් විදිහටයි හිටියෙ තරුණ කාලේ..."

"ම්වො?... චින්චා?..."

"මෙහෙට එන්නකෝ... මං ඔයාට මගෙ කතාව කියන්නම්..."

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now