මම හැල්මොනීට කිය කිය පැය ගානක් අඬන්න ඇති... ඒ අඬපු පැය ගානටම උත්තරේ විදිහට හැල්මොනී මට දුන්නෙ පොතක්..."සූ... ඕනම වෙලාවක ඕනම ප්රශ්නෙකදි මේ පොත පෙරලන්න... හැබැයි එකපාරම එක තැනකින්... ඔයාට අවශ්ය උත්තරේ හම්බවේවි..."
ඒක කොළ පාට කවරයක් තිබුණු ඝන පිටු වලින් හැදිච්ච අඟල් 5ක විතර ලොකු පොතක්... ඒක මෙච්චර දවස් තිබිලා තිබුණේ හැල්මොනී ගාව තිබුණු මල්ලෙ... මං රෑට කාලා හැල්මොනීවත් නිදි කරවලා කාමරේට ආවා... මට පේන්න තිබුනේ මගෙයි අප්පගෙයි, මගෙයි හැල්මොනීගෙයි රාමු කරපු රූප දෙක... මට කලින් වගේ සියදිවි හානි කරගන්න ඕන වුණේ නෑ... මට හැල්මොනී ඉන්නවා... ඒත් මං මේක මෙතනින් නවත්තන්න ඕනෙද?... ඔහොම හිත හිත ම මම නිකමට වගේ හැල්මොනී දීපු පොත එක්ක එකපාරින්ම ඇරියා...