මං ඒක අහන්න තිබ්බ ආසාවට හැල්මොනී ගාවට ගිහින් එයාගේ උකුලෙන් ඔලුව තියාගත්තා... හැල්මොනී හෙමිහිට මගෙ කෙස් අතරින් ඇඟිලි ගෙනියනකොට පුදුම සහනයක් දැනුනෙ..."මම පෝසත් පවුලක කෙනෙක්... මට හිටියේ එක දුවයි... මුණුපුරෝ දෙන්නයි... මගේ මහත්තයා නැතිවුණේ දුව පොඩි කාලෙදි... මුණුපුරන්ගෙන් පොඩි පුතාට කතා කළේ සෝක් කියලා... මට අදටත් එයාගේ නමින් මතක එච්චරයි... මගේ දුව මාව පාරට ඇදලා දැම්මා සූ..."
හැල්මොනී කිව්වේ අඬ අඬ...
"අඬන්න එපා හැල්මොනී... හැල්මොනීට මං ඉන්නවා නේ..."
මං එයාව වැළඳගත්තෙ අවංකවම...
"ආ සූ... මේක ඔයාට..."
"මොකක්ද හැල්මොනී?..."
හැල්මොනීගෙ අතේ තිබ්බෙ පොඩි සුරයක් වගේ දිලිසෙන මාලයක්...
"සූ... මේ වගේ තව එකම එකයි මේ ලෝකෙ තියෙන්නෙ... අනික මගේ සෝක් පුතා ගාව..."