𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓......
.
.
.
" චන්ද්‍ර .....අපත් එම වැරැද්දම සිදු කළහොත් ඔවුන් අපට දඩුවම් කරාවිද ....?""ක්....කුමක්ද........?"
සූර්යගේ කතාවට අසුගේත් වේගය බාල කළ චන්ද්‍ර මොහොතකට ගල් ගැසුණේ සූර්ය ඊළඟට කළ දෙය නිසා.......
.
.
.
.
"ස්......සූර්ය .......කුමක්ද........නු......අහ්ම්......"සූර්ය තම ගෙල පුරා සිය දෙතොල් ගෙනයාමේ පහස දරාගත නොහැකි තැන චන්ද්‍ර කෙදිරිගාමින්ම විමසුවා.....මේ වන විට ඔවුන් ගමන් කර සිටියේ මදක් පාළු පෙදෙසක බැවින් මග දෙපස කිසිදු ප්‍රාණියෙක් සිටියේ නැහැ....සූර්යගේ පහසට චන්ද්‍ර අතින් අසුද නැවතුණා....
ගෙල සිප ගනිමින් සිටි සූර්ය එම කාර්යය නවතා නැවත චන්ද්‍රගේ පිටට මුහුණ තබා ගත්තා....එවිටයි චන්ද්‍රට දැණුනේ සූර්යගේ කදුලු තමන්ගේ පිට තෙමන බවක්....පෙර සිදුවීම මොහොතකට අමතක කළ චන්ද්‍ර සූර්යට ඇමතුවා....
" සූර්ය නුඹ හඩනවා නොවෙද.....?"
නමුත් ඊට පිළිතුරක් නොදුන් සූර්ය තදින්ම චන්ද්‍රව වැළඳගෙන හඩන්නට පටන් ගත්තේ මොහොතකට චන්ද්‍රවද පුදුමයට පත් කරමින්.....
" චන්ද්‍ර ඒ ලෝක පාලක එසේ නම් මා නොවෙද 😭......?"
සූර්ය හඩමින්ම විමසුවා....
" ඉදින් නුඹ එයට හඩන්නේ මන්ද .....?"
චන්ද්‍ර පෙර සිදුවීම මොහොතකට අමතක කරමින් විමසුවා.....
" මා නොදනිමි.....මට එය මහත් හිසරදයක්....මට එවැනි තනතුරක් අවැසි නැහැ......."
" ඉදින් සූර්ය මාත් නුඹත් හැරුණු කොට ඒ නුඹ බව කිසි අයෙක් නොදනී....එබැවින් බිය විය යුත්තේ මන්ද.....? නුඹට අනවශ්‍ය නම් මේ බව කිසිවෙකුට පවසන්න එපා......"
"මට එසේ සිටිය හැකි වේවිද චන්ද්‍ර .....? මගේ පියා මෙන් නොව මගේ එම සලකුණුද පෙන්වීමට පටන් අරන්.....🥺......"
" සූර්ය 🥺....."
"මට මදක් මෙසේ සිටීමට දෙන්න චන්ද්‍ර .....හැකි නම් අසුව සෙවණකට ගෙන ගොස් නවතන්න......"
"හ්ම්ම්....."
මේ අවස්ථාවේ සූර්යට අවශ්‍ය කුමක්ද කියා තේරුණ චන්ද්‍ර ඔහු කී සේම අසුව මදක් සෙවණකට ගෙන ගියා...නමුත් අසුව සෙවණට ගෙන ගොස් නැවතූ විගස සූර්ය සිය ශක්තිමත් දෑත් වලින් චන්ද්‍රව ඔසවා තමා දෙසට හරවාගෙන ඒ පපුතුරේ හිස හොවාගත්තේ චන්ද්‍රට සිතීමට වත් කාලයක් නොතබා...(🙈)
YOU ARE READING
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚