𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓..........
.
.
.
.
ගතට මද අපහසුවක් දැනෙද්දි චන්ද්‍ර අමාරුවෙන් ඇහැරුණේ සිය මෑණියන් පැමිණ ඔහුව අවදි කිරීමට තැත් කිරීම නිසා......" පුත චන්ද්‍ර අවදි වන්න....."
"ආහ් මෑණියනි....."
"අසනීපයක්ද පුත නුඹට.....?"
"න්.....නැත මෑණියනි ......නුඹ එසේ විමසුවේ මන්ද.......?"(🙈)
" මා කිහිප වරක්ම නුඹ ඇමතුවා.....නුඹගේ ප්‍රතිචාරයක් නොතිබූ බැවින් මා කරදර කළේ නැහැ......දැන් දිවා කාලයටත් ආසන්නයි....."
"ක්....කුමක්ද දිවා කාලය........😳.......?"
"එසෙයි....."
"ඕ මා මෙතරම් කාලයක් නින්දක් ලබාගෙනද....."
ප්‍රමාද වී අවදි වූ බැවින් ඉතා කනස්සල්ලට පත්වූ චන්ද්‍ර මවට පැමිණෙන්නම් යැයි පවසා ස්නානයට සූදානම් වූවා.....පෙරදින සූර්ය නිසා ලද කැලැල් නෙත ගැටෙද්දී වහාම සූර්ය දැකීමට යාමට ඔහුට අවශ්‍ය වුණා....සිත අමුතුම සතුටකින් පිරී යද්දී ඔහු ඉක්මනින් ස්නානය කරගත්තා......ඉන්පසු අලංකාර ඇදුමකින් සැරසුණ චන්ද්‍ර ,පෙර දින සූර්යගෙන් ලබා ගත් ඇදුමද සිය දිගු වස්‍ත්‍රය තුල සඟවාගෙන ආහාර ගැනීමට පැමිණියා.....
(note: සූර්ය සහ චන්ද්‍ර වැනි කුමාරවරුන්ගේ වංශ දෙකේ පෙලපත ඉතා ප්‍රභලයි....ඒ නිසා එවැනි දෙදෙනෙකුගෙ එක්වීම වේදනාකාරී වුණත් සාමාන්‍ය අයගෙ වගේ අමාරුකම් ඉතුරු වෙන්නෙ නෑ....ඒ වුණාට එයාලට දීර්ඝ නින්දක් නම් ලැබෙනවා..... චන්ද්‍ර කිසිම අමාරුවක් නැතුව ඉන්නෙ අන්න ඒ නිසා.....ඒ වගේමයි එක්වීමෙන් පසුව අපහසුවක් දැනෙනවා නම් දෙන්නටම ඒක දැනෙනවා...කොටින්ම පළමු එක්වීමෙන් පස්සෙ එයාලගෙ හදවත් බද්ද වෙනවා වගේ දෙයක් වෙනවා.....දුක,සතුට ,වේදනාව,බය,නින්ද මේ හැමදේම එකම වෙලාවට වෙන්න පටන් ගන්නවා....තේරුණාදෝ🙈)
ආහාර ගෙන අවසන් වූ විගස චන්ද්‍ර සූර්යව සොයා පැමිණියා ......පෙර දින සිදුවූ එක්වීම හේතුවෙන් චන්ද්‍ර මෙන්ම සූර්යත් අවදි වූයේ මින් මොහොතකට පෙරයි.....සූර්ය ස්නානය කර ඇදුමක් හැදගත් විගසම වාගේ චන්ද්‍ර කුටිය තුලින් මතුවුණේ සූර්යගේ මුවට ලස්සන හිනාවක් නැගෙද්දි......
YOU ARE READING
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚