𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓........
.
.
.
කෙසේ හෝ තර්ක කර සූර්ය අසුව පදවද්දී චන්ද්‍ර සූර්යට තුරුල් වුණේ ඔහුත් මෙම උණුසුමට ලොබ බැදි නිසා....අවසානයේ සූර්ය අසුව පදවද්දී ඔහුට තුරුල් වී සිටි චන්ද්‍ර නොදැනුවත්වම නිදි දෙව්දුව වැළදගත්තා....
.
.
.
.
.
හෝරා කිහිපයක ගමන අවසානයේ සූර්ය චන්ද්‍රත් රැගෙනම ගමනාන්තයට ළගා වුණා......මේ වන තුරුත් චන්ද්‍ර නම් සූර්යගේ තුරුලේ සුව නින්දක....සවස් යාමය ළගා වී තිබූ නිසාත් මේ වන විට නගරයේ පිරිස බොහෝ සිටින නිසාත් තානායමට මද දුරක් තිබියදී ජන ශූන්‍ය කලාපයේ සිට ශියර්ව නැවැත්වූ සූර්ය අකමැත්තෙන් වුවද චන්ද්‍රව අවදි කිරීමට පටන් ගත්තා...." චන්ද්‍ර .....චන්ද්‍ර .....අවදි වන්න....."
"ම්ම්ම්හ්......😴😪🥱.....'
" අවදි වන්න චන්ද්‍ර අප පැමිණියා...."
" ආහ් 😲..... සූර්ය ...... කමා කරන්න.....මා මෙතරම් වෙලා ....."
"එයට කම් නෑ චන්ද්‍ර දැන් ඉදිරිපස හැරෙන්න....අප ගමනාන්තයට ළගා වීමට ආසන්නයි....."
එක් වරම චන්ද්‍ර බියවී ඇහැරුණේ මෙතරම් වෙලා නින්දක් ලබා පැමිණි නිසා තමන් ගැනම තරහින්...නමුත් ඔහුගේ සිතැගි වටහාගත් සූර්ය සිනාසී ඔහුට ඉදිරියට හැරෙන ලෙස පැවසුවා.....එසැනින් මුහුණත් රතු කරගෙන චන්ද්‍ර ඉදිරියට හැරීමට තැත් කිරීමේදී පෙර සේම සූර්ය ඔහුව ඔසවා ඉදිරියෙන් තැබුවා.....චන්ද්‍ර නම් සූර්යගේ මේ වැඩ නිසා තවත් ඔහුට බැදුණා....චන්ද්‍රව ඔසවා ඉදිරිපසට හැරවූ සූර්ය ඔහුගේ බද වටා දෙඅත් යවමින් ශියර්ගේ ලණුව චන්ද්‍රට ලබා දුන්නා...සූර්යගේ වැඩ නිසා චන්ද්‍ර නම් මේ වන විට රක්ත වර්ණ වී අවසන්....එතරම් කෝල බවකිනුයි ඔහු සිටියේ....සූර්යටත් ඔහුගේ කෝල බව තේරී මද සිනාවක් නැගුණා....නමුත් මොහොතකට හෝ ඔහු චන්ද්‍රගේ බද වටා තිබූ තම දෙඅත් නම් ඉවතට ගත්තේ නැහැ.....එමෙන්ම චන්ද්‍ර ශියර්ව තම පාලනයට ගත් විගසම සූර්යගේ හිස නතර වූයේ පෙර සේම චන්ද්‍රගේ ගෙලේ....
" සූර්ය ඉවත් වන්න.......අප දැන් නගරයේ......"
" ඉතිං කාරණය මන්ද චන්ද්‍ර .....නුඹ මගේ නොවෙද.....?"
ESTÁS LEYENDO
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanficකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚