𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓........
.
.
.
.
සියලුම වාංශිකයින් සතුටින් පිනා ගියත් චන්ද්‍රගේ පියා සහ සූර්යගේ මාමණ්ඩියගේ නම් සිත්වල කිසිදු සතුටක් තිබුණේ නැහැ.......ඒ බව කාට නැතත් සූර්යට සහ චන්ද්‍රට නම් වැටහුණා...........
.
.
.
.
.
ටිකෙන් ටික පිරිස ඔවුන්ට ආචාර කර පිටව ගියත් සූර්යගේ මාමණ්ඩිය වත් චන්ද්‍රගේ පියාණන් වත් පැමිණ ඔවුන්ට ආශිර්වාද කළේ නැහැ......ඔවුන් සූර්ය සහ චන්ද්‍ර අසලට නොපැමිණම පිටත්ව තිබුණා.....සියල්ලන්ම පිටව ගිය පසු ඉතිරිව සිටියේ සූර්ය චන්ද්‍ර සහ ශියර් පමණයි......."මගෙ හිමියනි......."
"මගෙ සද.....නුඹ තැවුලින්ද ඔවුන් ආශිර්වාද නොකළ නිසා......"
"මදක්....."
"තැවුල් ඇති කර නොගන්න මගේ සද .....ඔවුන් ඉක්මනින්ම සියල්ල වටහා ගනීවි.........."
"මාද එසේ බලාපොරොත්තු වෙනවා මගෙ හිමියනි......"
"නුඹට කවුරුන් නැතත් මා සිටිනවා......."
"මා දන්නවා මගේ හිරු .....අපට අප පමණයි......."
"එසේයි මගේ සද.....අපට අප සිටිනා තුරු කිසිදු තැවුලක් ඇති කරගත යුතු නැහැ......."
"එසේයි මා හිමියනි.....එය නොවේ.......අද සිට අප ජීවත් වන්නේ කොහිද......?"
"ගැටලුවක් කර නොගන්න මගෙ සද ..... අප හට විසදුමක් ලබා දී තමයි බාලි මුත්තනුවන් අතුරුදහන් වූයේ......."
සූර්ය එසේ පවසද්දී චන්ද්‍ර වික්ෂිප්තව ඔහු දෙස බැලුවේ එවන් කිසිදු කථිකාවක් ඔහුගේ සවන නොවැකුණ නිසායි.......
"එය කුමක්ද මගේ හිරු කුමරුණි......."
"පැමිණෙන්න මා සමග......."
එසේ පැවසූ සූර්ය එක් අතනික් චන්ද්‍රගේ සුරත අල්ලාගෙන අනෙක් අතින් ශියර්ගේ තෝන් ලණුවද අල්ලා ගෙන මැකී ගිය දේශසීමාව සලකුණු කර තිබූ රේඛාව දිගේ මද දුරක් ගමන් කරන්නට වුණා......එසැනින්ම ඔවුන්ට දැකගන්නට හැකිවූයේ මෙවන් ශේම භූමියක කිසිදාක නොදැකිය හැකි තරම් වූ දුර්ලභ ගණයේ පාෂාණ සහ මැණික් වලින් ඔබ්බවූ මාලිගයක්.......එහි වටපිටාව පුරාවටම අලංකාර තුරු වැල් සහ මල් වලින් අලංකාරව තිබුණා....අලංකාර පොකුණක් මාලිගය ඉදිරිපසින්ම පිහිටා තිබුණේ මාලිගයේ අලංකාරත්වය තව තවත් වැඩි කරමින්.....මාලිගය පුරාවටම සිටි ආරක්ෂකයන් මාලිගයේ ඇති ආරක්ෂාව විදහා පාද්දී මෙතරම් වෙලා මෙම සුන්දර පරිසරය නරඹමින් සිටි චන්ද්‍ර සූර්ය දෙස බැලුවේ මෙය සත්‍යයක් දැයි අසන්නාක් වගේ....ඔහුගේ හැගීම් ඕනෑම මොහොතක තේරුම් ගැනීමේ හැකියාව තිබූ සූර්යට චන්ද්‍රගේ හැගීම් තේරුම් ගැනීමට අපහසු වුණේ නැහැ.......
CZYTASZ
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚