අවසානය 🌞🌙

606 141 166
                                    

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓...........
.
.
.
.
.
මාස හතරකට පසු..........
.
.
.
" මගෙ සද මැණික......අවදි වන්නකො .....නුඹගේ හිමියන්ට නුඹ නොමැතිව දරාගත නොහැකී........"

සයනය මත නිසොල්මන්ව වැතිර සිටින චන්ද්‍ර දෙස බලමින් සූර්ය කදුලු සලනවා....මේ මාස හතර පුරාවටම මේ නිහඩ මාළිගයේ බිත්ති වලට ඕක අලුත් දර්ශනයක් නම් නෙමෙයි.....මොන දේ කොහොම වුණත් චන්ද්‍ර තවමත් සුව නින්දක.......

සූර්ය කදුලු සලමින්ම සුළං කවුලුව අසලට පැමිණියා....එදා අලංකාරව පිපුණ මල් අද මැලවිලා...කිසිම ප්‍රාණයක් නැති ගානයි....ඔහුගේ ජීවිතයේ ආලෝකය මැකී ගියා සේම මුලු පරිසරයේම තිබුණේ මහත් වූ මූසල පෙණුමක්........

Flashback ........

චන්ද්‍ර සිහිසුන්ව ඇද වැටෙනු දුටු සූර්ය දිව විත් චන්ද්‍රව තමා අසලට ළං කර ගත්තා....උමතුවෙන් මෙන් සිහිසුන් වූ ඔහුගේ සිරුර සිපගන්නටත් ඔහුව ඇහැරවන්නටත් කටයුතු කළා....නමුත් ඉන් ප්‍රතිචාරයක් නොමැති තැන ඔහු රාජකීය වෙදැදුරන් කැදවූවා.....ඔවුන් චන්ද්‍රව පරීක්ෂා කරන අතරතුර සූර්යට දැණුනේ ඔහුගේ හදවත පැලීමට ආසන්න බවකුයි....මන්ද යත් චන්ද්‍රගෙන් තොර දිවියක් සූර්යට නොමැතී....එනෙන්ම ඔවුන් එකිනෙකාට බද්ධ වී ඇති බැවින් අනෙකාගේ වේදනාවන්ද හොදින්ම දැනගත හැකියි........නමුත් මේ අවස්ථාවේ චන්ද්‍ර සිහිසුන්....එබැවින් චන්ද්‍රගේ වේදනාවන් සූර්යට හැඟෙන්නේ නැහැ......

" උතුමාණෙනි චන්ද්‍ර උතුමාණන්ට නිද්‍රා විෂ ආඝ්‍රහනය වෙලා....තවද ඔහු එම නිසා බොහෝ සෙයින් දුර්වල වෙලා....මා ප්‍රතිකාර කළා.....නමුත් ඔහු දෑස් හරින දිනක් ගැන නම් කිව නොහැකී.........."

වෙදැදුරු පැවසූ සියල්ල සිහිනයෙන් මෙන් අසා සිටි සූර්ය ඔවුන් සියල්ලෝම පිටත් කර මුලු මාළිගයම වසා දැමුවා.....ඉන්පසුව චන්ද්‍ර අසලට පැමිණ ඔහුගේ සුරත අල්ලා ගත් සූර්ය සිදුවූ සියල්ල නිරීක්ෂණය කළා.....

ශීන්‍යාගේ මල් ආඝ්‍රහනය කළ විගස චන්ද්‍ර සිහිසුන් වූ බව දුටු සූර්ය සිදුවී ඇති සියල්ල වටහා ගත්තා.......ඉන් වියරු වැටුණ සූර්ය චන්ද්‍රගේ නළලත සිප ගනිමින් .........;

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )Where stories live. Discover now