දැනෙනා සෙනෙහේ 🌞🌙

490 133 60
                                    

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.......
.
.
.
.
බොහෝ  කලක් සෙව් රූපෙ නොසිතු ලෙස හමුවුණේ..
හදවතේ පණ ගැහෙන විසල් පෙම හින්දනේ..
හිරු කිරණ සේ එළිය දී මගේ සිත් කොනේ..
වැජඹෙන්නෙ සෙනෙහසින් නුඹ ම'හදෙ ගැඹුරෙනේ..

මගේම ආදරණීය සූර්යට... 💚
චන්ද්‍රගෙන්... ❤️

(Mshiharaඅක්කිගෙන් ආදරණීය සිතුවිල්ලක්.......😍 තැම්කූ අක්කියෝ💚❤️ )

.
.
.
.
සූර්ය සහ චන්ද්‍ර Wang Yibo සහ Xiao Zhan ලෙස ඔවුන්ගේ රාජකාරී අරඹා දින දෙකක් ගෙවී ගියේ නොඅඩුව ආදරේද කරමින්......Xiao Zhan Wang Yiboගෙ නිවසේ රැදී සිටින බව කිසිදු කෙනෙක්ට දැනගත නොහැකි වූයේ ඔවුන්ගේ අප්‍රමාණ බලයන් නිසාවෙනි.....කවුරුන් හෝ පැමිණෙන දිනයක් නම් Xiao Zhan ,Wang Yiboගෙ නිවසේ අදෘශ්‍යමානව වාසය කරනවා......එමෙන්ම අත්‍යාවශ්‍ය අවස්ථා වලදී Wang Yiboගේ නිවස Xiao Zhanගෙ නිවස බවට පත්වන්නේ බලයන් නිසා පැමිණි අයට නිවස ගැන මතකය අහිමි කරමින්.....එවන් අවස්ථාවන් වල Wang Yibo පෙර Xiao Zhan මෙන් අදෘශ්‍යමානව වාසය කරනවා....

මේ වන විට Xiao Zhan ඔහුට ලබා දුන් ප්‍රවර්ධන පෝස්ටරය නිර්මාණය කර අවසන් වූ අතර Wang Yiboද සම්පූර්ණ පිටපතම අධ්‍යයනය කර අවසන්ව තිබුණා.....ගතවූ දින දෙක එම රාජකාරි සමග කාර්යබහුල වූ ඔවුන් දෙදෙනා අද නම් සිටින්නේ විවේකයෙන්.......

උදෑසනින් අවදි වී මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි Xiao Zhanගෙ බද වටා එතුණේ ශක්තිමත් දෑතක්......ඒ අන් කිසිවෙකු නොවෙයි Wang Yibo ......නොහොත් සදගේ හිරු කුමරු.....

" සුභ උදෑසනක් මගේ සද........."

"සුභ උදෑසනක් මගේ හිරු......."

මුලු ලොවටම Wang Yibo සහ Xiao Zhan වූ ඔවුන් දෙදෙනා ඔවුන්ගේම ලෝකයේදි හිරු සහ සදු වුණා.....රාජකාරි අවස්ථාවන්හිදී හැර කිසිදු අවස්ථාවක ඔවුන්ගේ ඇමතුම් විලාශයේ වෙනසක් සිදු වූයේ නැහැ.........

"ආ හිරු......මට කිති.....නුඹ නම් දැන් මටත් වඩා දගකාරයෙක් වී ඇති හැඩයි....."

ආහාර පිසින චන්ද්‍රව පසුපසින් වැළඳ සිටින සූර්ය ඔහුගේ ගෙල පුරා හාදු තබද්දී එයින් ඇතිවූ කිතිය නිසා චන්ද්‍ර බොරු කෝපයක් මවාගෙන එසේ පැවසුවා....නමුත් සූර්යගේ ක්‍රියාවන් වල නම් නැවතුමක් තිබුණේ නැහැ.....ඉතින් චන්ද්‍ර ආයාසයෙන් ඔහුගේ දගකාරකම් දරාගෙන ආහාර පිස අවසන් කළා.....

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )Where stories live. Discover now