Special Episode 🌞🌙

531 136 134
                                    

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.........
.
.
.
.
රාෂ්ගේ සුරතලය හමුවේ නොදැනීම දින ගෙවී යද්දී සූර්යගේ සහ චන්ද්‍රගේ ප්‍රේමයද සෑම දිනකම වඩාත් ශක්තිමත් ලෙසින් දලුදා වැඩුණා....එය කිසිවෙකුට සම කළ නොහැකි උත්තරීතර ප්‍රේමයක්.....

සූර්ය සහ චන්ද්‍ර ලෝකපාලක උතුමාණන් බවට පත් වූ දින සිට වංශ දෙකෙහිම ජනතාව ඉතාමත් සතුටින් කාලය ගත කළා.....සූර්ය සහ චන්ද්‍ර ඔවුන්ගේ පුත්‍රයාගේ කටයුතුද සොයා බලමින් මාරුවෙන් මාරුවට රාජ්‍යය පාලනය කරන්නට වුණා.....මොවුන් දෙදෙනාගේ දැහැමි පාලනය සියල්ලන්ගේම සිත් වල ඇති කළේ මහත් සැනසීමක්......

"මගේ සද මැණික ........."

"මගෙ හිමියනි....පුතු කොහිද.......?"

සූර්ය චන්ද්‍ර අසලට පැමිණෙද්දී චන්ද්‍ර විමසුවා.....

" ඔහු උද්‍යානයේ මුව පැටවුන් සමග සංවාදයක......."

සූර්ය සිනාසී චන්ද්‍රට පිළිතුරු දුන්නා.....

" මගෙ හිමියනි......"

චන්ද්‍ර බැරෑරුම් ලෙස කතිකාවකට මුල පුරන්නට සූදානම් වන බව සූර්යට වැටහුණා...එබැවින් සුපුරුදු පරිදි චන්ද්‍රගේ නලලතට හාදුවක් ලබා දී ඔහුව සිය උකුල මත හිදුවා ගනිද්දී පෙර සේම චන්ද්‍ර රත්පැහැ ගැන්වුණා......එය දුටු සූර්ය සිනාසී....;

"නුඹ තවමත් ලැජ්ජාශීලීද මගෙ සද මැණික ......."

"එසේ නොවේ මගෙ හිමියනි රාෂ් පැමිණියහොත් 🙈 ........."

චන්ද්‍ර එසේ පවසා වටපිට බලා පූසෙකු මෙන් සූර්යට තුරුලු වුණා.....සූර්ය චන්ද්‍රගේ කෝලම් වලට සිනාසී ඔහුව තුරුල් කරගෙන දෙතොල් සිපගන්නට වුණා...මද වේලාවක් ඒ පහසේ රැදුණ පසුව ඔවුන් අතර නිහැඩියාව බිද දැමුවේ චන්ද්‍ර විසින්....

" මගෙ හිමියනි......."

"පවසන්න මගේ සද......"

"රාෂ්ට දැන් වසර තුනක්.....ඔහු ඕනෑවටත් වඩා බුද්ධිමත් දරුවෙක්....ඉතින් නරකද අපි ඔහුව ශිල්ප හැදෑරීමට යොමු කළොත්......"

චන්ද්‍ර එසේ විමසා සිටියා...මන්ද යත් වසර තුන යනු ඔවුන්ගේ වංශයේ ශිල්ප හැදෑරීමට යොමුවනු ලබන වසරයි....

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )Where stories live. Discover now