𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.........
.
.
.
වංශ් ඉතාමත් කපටි ලෙස දුක්බර මුහුණක් සාදාගෙන චන්ද්‍රව ඩෙස්මියන් අසලින් කැදවාගෙන ගියා.........
.
.
.
වංශ් චන්ද්‍රව රැගෙන යන බව දුටු ඩෙස්මියන් සූර්ය කරා පැමිණ ඒ බව සැල කළේ කුමක් හෝ අනතුරක ඉවක් ඔහුට දැණුන නිසයි......ඒ පණිවිඩයත් සමග සූර්ය චන්ද්‍ර දෙසට යාමට සැරසෙද්දීම වංශ් චන්ද්‍රව රැගෙන ගියා යැයි කියූ දෙසට විරුද්ධ දෙසින් පැමිණි චන්ද්‍ර සූර්යගේ සුරතේ එල්ලුණා.....එයම ප්‍රමාණවත් සූර්යට ඒ චන්ද්‍ර නොවන බව තේරුම් ගැනීමට...ඉදින් කෙසේ හෝ ශීන්‍යා නම් මැයව කොටු කර ගැනීමට ලැබුණු අවස්ථාව මගහැරගැනීමට නොහැකි වූ නිසා සූර්ය ඇයට රැවටුණා සේ කටයුතු කරන්නට වුණා....වංශ් චන්ද්‍ර රැගෙන ගියේ චන්ද්‍ර ලෙසින් පැමිණ සිටින ශීන්‍යාට කාලය ලබා දීමට බව සූර්ය තේරුම් ගත්තා...මින් පෙර ඔවුන් හඹා ගිය සිහිනය ඔස්සේ වංශ් සැරසෙන්නේ කුමකටදැයි චන්ද්‍රටද වැටහී තිබුණා....නමුත් සූර්ය මෙන්ම චන්ද්‍රත් රැවටුණා සේ කාලය ගත කළා...." සූර්ය අප කුටියට ගමන් කරමුකො.....මා හට නුඹව අද තදින්ම අවශ්‍යයි........"
චන්ද්‍ර ලෙසින් පෙනී සිටින ශීන්‍යා සූර්යට ඇවටිලි කරද්දී කට කොනකින් සිනහවක් නගා ගත් සූර්ය .....;
"හොදයි යමු......"
යැයි පවසා ඉදිරියෙන් ගමන් කළා.....චන්ද්‍රගේ ස්වරූපයේ සිටින ශීන්‍යාද ඔහුට සමීපව මාළිගය දෙසට ගමන් කළා....ශීන්‍යාට නොදැනෙන්නට මානසික සංවේදනය ඇරඹූ සූර්ය චන්ද්‍ර ඇමතුවා.....
"මගේ සද මැණික ....."
"මගෙ හිමියනි.....නුඹ සුවෙන්ද......?"
"එසේයි මගෙ සද.....ශින්‍යා නුඹගේ වේශයෙන් දැන් මා අසලයි....."
"එසේද හිමියනි.. පියාණන් මාගේ අවධානය වෙනතකට යොමු කළේ එනිසයි එහෙනම්....."
" එසේ විය යුතුයි.....මගේ සද නුඹ හැකි ඉක්මනින් නුඹගේ පියාණන්ව නොමග යවා මළිගයට පැමිණෙන්න.....මා නුඹ එන තෙක් ශීන්‍යාව නොමග යවන්නම්......"
"හොදමයි මගෙ හිමියනි.....නුඹ ප්‍රවේශමෙන් ........."
"එසේයි නුඹත්........"
CZYTASZ
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚