𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.......
.
.
.
සෑම එක්වීමකින් පසු දීර්ඝ නින්දක් ලැබෙන නිසා සූර්ය සහ චන්ද්‍ර අවදි වූයේ සවස 6ට පමණයි.....ඔවුන්ගේ බැඳීම් නිසා දෙදෙනාම එක් වරම අවදි වීමද සිදු වුණා....." මගේ සද......"
චන්ද්‍ර තුරුල් කරගෙන හාදුවක් දෙමින්ම සූර්ය පැවසුවා...ඊට සිනාවක් ලබා දුන් චන්ද්‍ර සූර්යගේ නලල් තලය සිපගත්තේ මහත් වූ ප්‍රේමයකින්.......මේ තරම් වූ සුවිශාල ප්‍රේමයක් හමුවේ නැවතත් දෙදෙනාගේම නිරුවත් සිරුරු පණ ගසාගෙන නැගිටින්නට තැත් කරනු දෙදෙනාටම හොදින් වැටහුණා....
" සද මා සිතන්නේ අප දැන් ස්නානය කළ යුතුයි.....නොමැති නම් ........"
සූර්ය එසේ පවසා චන්ද්‍රට සරාගී සිනාවක් ලබා දෙද්දී ඉන් රත් පැහැ ගැන්වුණු චන්ද්‍ර ඉක්මනින් නැගිට ස්නාන කුටිය දෙසට දිව යන්නට වුණා....සූර්යද චන්ද්‍ර පසුපස ගොස් ඔහු සමගම ස්නාන කුටියට වැදුනා....ඉදින් සියුම් දගකාරකම් කිහිපයකට පසු දෙදෙනාම ස්නානය කර පිටතට පැමිණ වස්ත්‍ර ඇගලා ගත්තා....
" මගේ කුමරුණි......මා දැන් පිට වෙන්නම්......."
ස්නානය කර ආහාර ගෙන අවසානයේ චන්ද්‍ර සූර්යට තුරුල් වී සිටින ගමන් පැවසුවා....මන්ද යත් දැන් ඔහුට තිබෙන ගැටලුව මෑණියන් හා පියාණන්ට පවසා නිවසින් පිටවීමට අවසර පැතීමයි....
" නුඹට යන්න දීමට සිත නොදේ මගේ සද...."
" මා අවසර ලබා ඉක්මනටම පැමිණෙන්නම් මගේ හිරු.....මටද නුඹ නොමැති දිවියක් නැහැ....."
එසේ පවසා උණුසුම් හාදුවක් තිළිණ කර චන්ද්‍ර අතුරුදහන් වුණා....
" ප්‍රවේශමෙන් ......"
ඇසෙන නොඇසෙන ගානට සූර්යගේ මුවින් එසේ පිට වුණා.....චන්ද්‍ර නොමැති බැවින් ඇතිවූ පාළුව නිසාම සූර්ය නැවත නින්දට වැටුණා....
.
.
.
මේ අතර තම කුටියට පැමිණි චන්ද්‍ර සූර්යගේ වස්ත්‍ර උනා දමා සිය වස්ත්‍රයක් හැදගෙන පහත මාලයට පැමිණියා....මෑණියන් ,පියාණන් මෙන්ම ප්ලූටෝද පහත මාලයේ සිටිනු දුටු චන්ද්‍ර චකිතය මැඩගෙන ඔවුන් අසලට පැමිණියා....
VOCÊ ESTÁ LENDO
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanficකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚