ලෝකපාලක උතුමාණන් 🌞🌙

449 136 49
                                    

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.......
.
.
.
ඉක්මනින් කිසිවෙකුට නොදැනෙන ලෙස මුතුව(කලින් චැපියෙ මුදුව කියලා type වෙලා තියෙන්නෙ 🤧....මේ අර මුතුව ගැන කියන්නෙ හොදේ....) අවකාශයට යොමු කළ සූර්ය චන්ද්‍රව තුරුල් කරගෙනම අසුගෙන් බිමට පැන්නේ ඉදිරියෙන් චන්ද්‍රගේ පියා ඇතුලු සේනාව ඔවුන් දෙසට අවි අමෝරාගෙන පැමිණෙද්දීයි.........
.
.
.
සේනාව ඔවුන් දෙසට පැමිණෙනු දුටු සූර්ය ......;

"මගේ සද නුඹ බියද.....?"යැයි ඇසුවා.....

"නොවේ මගෙ හිරු ....නුඹ මා අසල නම් මා හට බියක් නැහැ....."

එසේ පැවසූ චන්ද්‍ර සූර්ය දෙසට ආදරණීය සිනහවක් ලබා දී ඔහුගේ සිරුරෙන් ඉවත්ව සූර්යගේ අනෙක් පසින් සිටගත්තා....ඉන්පසුව සූර්යගේ සුරතින් අල්ලා ගත් චන්ද්‍ර සියල්ල හොදින් විසදේවි යැයි ඇස් වලින් ඉගි කළා....

.
.
සෙනෙහසකට අරුතක්
දී ඔබ
මගෙ ලොවට පෑයූ
හිරු නුඹ...
භවයෙන් භවයට
පතනෙමි මා ඔබවම
මගේම හිමියන් වී
මා රැකගැන්මට...

කුමරුනි මාගේ හිරු
සද වෙමි මා සැමදා
නුඹගේම...
වෙන් වී යන්නට
වූවත් දිනයක
නැවත කෙසේ හෝ
සොයා ගමි මා නුඹවම....

තැවුලෙන් පසු වූ මගේ සිත
ගිලන් වූ මගේ සද හදවත
නැවතත් පිඹිදී එන්නට
අවැසියි මගේ හිමි වූ හිරු මා හට..

ඒ ඔබමයි මගේ හිමියන්
නැවතත් මට හිමි වූ මගේ හිමියන්..
දරා ගන්නට නොහැකි හැගුමන්...
දළු දදා වැඩෙයි මා මුළු සිරුරෙන්...

පවසන්න හිමියනි මගේ හිරු..
මා නොවේද නුඹේ මුළු දිවියම..
ඉතින් මේ සදගේ දිවියෙ
ඔබ පමණකි රජයන්නේ සැමදා..
සියලු බාධක බිද දමා
රැගෙන යන්න මා ඔබ සමගින්ම
එතෙක් මා සැගවෙන්නම්
ඔබගේ මේ පපු තළයෙම සිපගෙන..

උමතුවකි ඔබේ මේ ප්‍රේමය
දරන්නට නොහැකි ඔබේ ආලය
සිසිල් පැන් පොදකි ඔබෙන් ගිලිහෙන වදන
සැනසේ ඉතින් එයින් ඔබේ සදගෙ මුළු දිවියම.....

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )Where stories live. Discover now