𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓........
.
.
.
.
සියලු චාරිත්‍ර වාරිත්‍ර අවසානයේ සූර්ය සහ චන්ද්‍ර ඔවුන්ගේ යහනට පැමිණියා....ස්නානය නොකරම චන්ද්‍ර සූදානම් වූයේ සූර්යව යහනට පෙරලා ගැනීමටයි....." සූර්ය .....මට නුඹව ඇවැසී......."
" මගේ සද......."
එසේ පැවසූ සූර්ය චන්ද්‍රට සිපගැනීමට ඉඩක් නොතබාම ඔහුව යහන අසලට රැගෙන ගියා....ඉන්පසු සිපගන්නට යන මුවාවෙන් සූර්ය ඔහුගේ බලයෙන් චන්ද්‍රගේ දෑත් යහනේ ලීයකට බැද තැබුවා.....ඉන් වික්ෂිප්ත වූ චන්ද්‍ර සූර්ය දෙස බැලුවා.....එවිටයි ඔහු දුටුවේ සූර්යගේ මුවෙහි තිබූ සරදම් සිනහව.....
" සූර්ය කිමද මේ.......? ඇයි නුඹ මේ ලෙසින් මා සිර කොට තැබුවේ......?"
" මදක් ඉවසන්න මගේ සද....."
එසේ පැවසූ සූර්ය චන්ද්‍ර බැද තබා ඇති ස්ථානයට ගොස් ඔහුගේ දිගු කෙස් වැටියෙන් අල්ලා ගත්තා.....ඉන්පසු නිලයක් සොයා පහර දුන්නා....වික්ෂිප්තව චන්ද්‍ර කෑගැසුවා......ඒත් සමගම තවත් අයෙකු ඔවුන්ගේ කුටියට ඇතුළු වූවා....එය දුටු සූර්ය චන්ද්රව අත් හැර පැමිණි පුද්ගලයා අසලට ගොස් ඔහුව තුරුලු කරගත්තා.......
"මගේ හිමියනි 🥺....."
"මගේ සද මැණික.....නුඹ හොදින් නේද.....?"
"එසේයි මගෙ හිමියනි......."
"පැමිණෙන්න....."
එසේ පැවසූ සූර්ය චන්ද්‍ර සමග ඇදෙහි බැද තැබූ චන්ද්‍ර අසලට පැමිණියා.....
" සූර්ය මේ කවුරුන්ද......? මමයි නුඹගේ චන්ද්‍ර ......."
සයනයෙහි ගැටගසා තිබූ චන්ද්‍ර මහ හඬින් කෑගසද්දී සූර්ය ඔහු අසලට පැමිණ සියලු බලයන් මුද්‍රා කළා....ඉන්පසුව තමා අසල සිටි චන්ද්‍රට ඔහු ඉදිරියේම හාදුවක් දුන්නා......සයනයෙහි ගැටගසා සිටි චන්ද්‍ර ඉදිරියට අසුනක් රැගෙන ආ සූර්ය තමා අසල සිටින චන්ද්රව සිය උකුළට රැගෙන ඔහු දෙස බැලුවා......ඒ අවසරයෙන් චන්ද්‍ර සූර්යගේ උකුලෙහි සිටම සිය හස්තය සයනයෙහි ගැටගසා තිබූ චන්ද්‍ර දෙසට යොමු කළා....එක්වරම විශාල ආලෝකයක් නිකුත් කරමින් එහි සිටි පුද්ගලයාගේ චන්ද්‍ර ස්වරූපය ඉවත් වී සැබෑ ස්වරූපය මතු වුණේ සූර්යගේත් චන්ද්රගේත් මුහුණු වලට සිනහවක් නැගෙද්දීයි....
STAI LEGGENDO
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚