𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓......
.
.
සූර්ය මදක් කල්පනා කරන්න වුණා.......චන්ද්‍ර දේශයේ ඔහු දන්නා වෙන කිසිවෙක් නොමැති නිසාත් ,දගකාරයෙක් වුණත් චන්ද්‍ර විශ්වාස කළ හැකි අයෙක් යැයි හැගුණු නිසාත් සූර්ය චන්ද්‍රට සත්‍ය පවසන්න තීරණය කළා ....."හොදයි මා නුඹ මත විශ්වාසය තබනවා....."
එසේ පැවසූ සූර්ය චන්ද්‍ර දෙස බලද්දි දැක්කෙ ඒ පිළිතුරත් එක්ක හරිම ලස්සනට හිනාවෙවී තමන් දිහා බලන් ඉන්න චන්ද්‍රව....ඒ හිනාව හරිම අව්‍යාජ එකක් බව සූර්යට සක්සුදක් සේ වැටහෙද්දි තමා මෙහි පැමිණි කාරණය ඔහු හමුවේ පැවසීමට ගත් තීරණය වැරදි නොවන බව සූර්යට වැටහී ගියා......
තමන්ව විශ්වාස කරලා ඔහුගේ කතාව කියන්න යන සූර්ය නිසා චන්ද්‍ර හිටියෙ හුඟාක් සතුටින් .....ඉතිං සූර්යගෙ කතාව අහන්න ඕන නිසා චන්ද්‍ර හරිබරි ගැහිලා අසුන් ගනිද්දි සූර්යත් ඔහු සිටි තැනම ඔහුට ඉදිරියෙන් අසුන් ගත්තා....
අසුන්ගත් පසු සූර්ය එයාට මීට ටික කාලෙකින් දැනගන්න ලැබුණ සලකුණේ වෙනස්වීම වෙන විදිය ගැන වගේම සලකුණේ වෙනස් වීමත් සමග තමා ළග තියෙන සියලුම භාණ්ඩවල සලකුණුද වෙනස් වන ආකාරය චන්ද්‍රට පැවසුවා.....විටෙක පුදුමයක් කැටි වුණ තවත් විටෙක කිසිම හැගීමකින් තොරව තමාගෙ කතාව අහගෙන ඉන්න චන්ද්‍රගෙ මුහුණ දැක්කම සූර්යට මතක් වුණේ එක දෙයයි.....
"කාලගුණය වගේ......"
තම හිතින් තමාටම මුමුණගත් සූර්ය ඉන්පසු චන්ද්‍ර දෙස නොබලා සිය කතාව කරගෙන ගියේ චන්ද්‍රගේ මුහුණ දෙස බැලීමෙන් සිදුවන අපහසුතාවය වලක්වා ගැනීමට සිතා වුවත් එම මුහුණ දෙස නොබලා සිටීමට ඔහුට නොහැකි වුණා....කුමක් හෝ අමුතු හැගීමක් සමග චන්ද්‍රගේ මුහුණේ හැගීම් සූර්යව වෙනම ලෝකයකට ගෙනියනවා කියලයි සූර්යට සිතුණෙ....ඒ නිසා අමාරුවෙන් වුණත් වෙනතක් බලාගන්න සූර්යට සිදුවුණා...
සූර්ය නොද්න්නවා වුණත් චන්ද්‍රත් මුලු කතාව කියවන පුරාවට සූර්යගෙ මුහුණ දෙසම තමයි බලන් හිටියෙ....කතාව කියවද්දි ඒ සැලෙන දෙතොල් තව පාරක් එයාගෙම කරගන්න කියලා චන්ද්‍රගෙ හිත බල කරද්දි පළවෙනි වතාවට චන්ද්‍ර තම හිතට අගුලු දා ගත්තා....මෙච්චර කාලෙකට හිත කියපු දෙයක් බලෙන්ම හරි ලබාගන්න පුරුදු වෙලා හිටපු චන්ද්‍ර ජීවිතේ පළවෙනි වතාවට හිතත් එක්ක තර්ක කළා....දැනෙන හැගීම් වල තේරුමක් නොදැන හිතට අයාලෙ යන්න නොදෙන්න චන්ද්‍ර තීරණය කළා.....පළමු වතාවට තම හිත ඉල්ලුව දෙයක් ප්‍රතික්ෂේප කළ චන්ද්‍ර කල්පනා කළේ මේ දැනෙන හැගීම කුමක්ද කියලා....ඒත් තමන් මේ අමුතු විදියට හිතනවා කියලා සූර්ය දැනගත්තොත් ඔහුගේ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා චන්ද්‍ර මොහොතකට බය වුණා...බය කියන දේ අදුරන්නෙවත් නැති චන්ද්‍රට පළවෙනි වතාවට ප්‍රතික්ෂේප වීමේ බය දැණුනා....
VOCÊ ESTÁ LENDO
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanficකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚