CHARACTERS
අමුතුවෙන් අඳුරගන්න දෙයක් නෑ ළමයි.මෙිකෙ ඉන්නෙ ඔයාලා දන්න අපේ බනියයි බෝ බෝයි තමයි.අනික් චරිත කතාව එක්කම කියන්නම් මම....
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀සැලකිය යුතුයි : මෙහි එන සිදුවීම් හා චරිත සැබෑ චරිත වල සත්‍ය ජීවිත හා කිසිදු සම්බන්ධයක් නොමැති අතර..ඕතරිගෙ මනසේ ඇදුන මනස්ගාතයක්ම පමණි. 😌
🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
Author's POV
පුංචි බෝ බෝට කවදාවත් ළමා නිවාසෙ යාලුවෙක් හිටියෙ නෑ.පාලිකාවවත් එයාට ළමයෙකුට වගේ සැලකුවෙ නෑ..එයාට හැමදාම ලැබුනෙ අනික් හැමෝම කාලා ඉතිරිවෙන කෑම ටික... තිබුණ පරනම ඇද.... එයා නාන්න ගියෙ කන්න ගියෙ අනික් හැමෝම ඒ තැන් වලින් අයින් වුනාම.
නිදාගත්තෙ අනික් හැමෝම නින්දට ගිහින් ඉවර වුනාම..තනියම ඉන්න හැම වෙලාවෙම එයා කරේ අඬන එක නැත්තම් කතන්දර පොත් කියවන එක...
එයාට ඕනි වුනා සුරංගනා කතා පොතක් අස්සෙ හිර වෙන්න...
ඒත් කවමදාවත් එයාව හොයාගෙන සුරදූතයො ආවෙ නෑ එයාගෙ ඒ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න...
ඉපදුණ දවසෙ ඉදන්ම මේ ලෝකෙන් වෙන් වෙලා තිබුණ පුංචි ඉඩක තිබුණ ළමා නිවාසෙක හිර වුන බෝ බෝ ගෙ එකම හීනෙ වුනේ මේ හිර ගෙදරින් යන එක...
ඒත් කවදාවත් ළමයි තෝරන් යන්න එන අය එයාව තෝරගත්තෙ නෑ.තෝරගත්තත් පාලිකාව කියද්දි මේ ඉන්නෙ ගණිකාවකගෙ ළමයෙක් කියලා එයාලා ආය බෝ දිහා බලන්නෙවත් නැතුවම වෙන ළමයෙක් අරන් යන්න ගියා...
තමන්ගෙ අම්මා ගැන අහපු ගමන් හැමෝම තමන්ව අතාරින එක ගැන බෝ බෝ හිටියෙ ගොඩක් දුකින්...
YOU ARE READING
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️