07 🍁

489 140 6
                                    

Until I fill you completely with love
Until I recite you hundred times like a prayer
Stay close to me
Don't say a word about leaving
Be with me
💚
....................................................................

Yibo's POV

එයා මාව මඟ අරිනවා ....
ඒක මට දැනෙනවා....මං අබ්බගාතයෙක් කවුද කැමති එහෙම කෙනෙක්ව ලං කර කරන්න...

මං වටේ දැන් ඉන්න අයත් ඉන්නෙ මගේ සල්ලිවලට ආසාවෙ මිසක් මට ආදරේකට නෙමෙයි...මට ආදරේ කරන්න හිටිය එකම කෙනත් එදා ඒ විදිහට දාලා යද්දි මාව විතරක් මේ ලෝාක මොකට ඉතිරි වුනාද ... මං මගෙන්ම හැමදාම අහන ප්‍රශ්නෙ ඒක....

එයාට වදයක් වෙන්න මට ඕනි නෑ..මාත් පුලුවන්  තරම් ඒ ඇස් මඟඇරියා මගේ හිත ඒ රෑපෙම හොයද්දිත්.....

කොහොමටත් එයා මගේ බනි නෙමෙයි..ඉතින් තව දුරටත් මම හිත රිද්දගන්න ඕනි නෑ..මගේ බනි  ව අතඇරියෙ මමමයි..ඉතින් ඒකට මට මේ දඩුවම්   උරුමයි....

එදා ඒ දේවල් එහෙම සිද්ධ නොවුනා නම් අද ඔයයි මායි ආදරෙන් ඉදී නේද බනී...

මං හිටියෙ hospital එකේ මුල්ලකට වෙලා .... jackson uncle counter එකේ ඉදන් එනකම් බලාගෙන....

එක පාරට එතනට ආපු කෙනෙක් මගේ උකුළට ⁣pen drive එකක් විසි කරා .... සිද්ධ වෙච්ච දේ නිසා මං ඒ මනුස්සයා දිහා බැලුවෙ පුදුමෙන්...මූණ මාස්ක් එකකින් වහගෙන ඒ මනුස්සයා  ඇඳගෙන හිටියෙ ලෙඩෙක් විදිහට...මං බලනවත් එක්කම කටෙි මැද්දට වෙන්න දබර ඇගිල්ල තියලා පස්සෙ මගේ දිහා බලලා අතින් එයා යන පැත්තට එන්න කියලා ඒ මනුස්සයා මට කිවුවා....

මං දන් නෑ ඇයි කියලා මගේ හිත කිවුවෙ ඒ මනුස්සයා ළඟ මට ඕනි ප්‍රශ්නෙට උත්තර තියනවා වගේ...මං මගේ අතින්ම wheel chair එක තල්ලු කරගෙන මට පුලුවන් උපරිම වේගෙන් ගියා ...ඒ මනුස්සයා ගියෙ පාලු කොරිඩෝවක් තියන පැත්තකට.....මට යන්න පුලුවන් උනේ ටික දුරයි..මං wheel chair එකත් එක්කම ඇදගෙන වැටුනා....

මට දැනුනෙ පුදුම අසරණ කමක්.....
මං නැගිටින්න try කරත් මගේ කකුල් ඒකට මට උදව් කරේ නෑ... වටේ පිටේ කවුරුත් ඇත්තෙත් නෑ මට උදව් කරන්න...

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now