Zhan's POV
ඔයා මගේ ලියෝ තමයි...මගේම ලියො..මං ඇස් රිදෙනකම් හිත පිච්චි පිච්චි මං ගාවට එනකම් බලන් හිටිය මගේ ලියො..මං හිතපු විදිහටම මට දැනුන විදිහටම ඒ ඔයා ...මං ආදරෙයි ලියෝ..ඒත් මට ඒ ආදරේ ඔයාට දෙන්න හිත එකඟ කරගන්න බෑ....මං වින්ද දුක ඔයා දන්නෙ නෑ...ඒ වේදනාව අකුරු කරන්න වචන නෑ මට...අනික හැමදේම ආපහු තියන තැනට ගේන්න බැරි තරම් දුරකට ඔයා ගෙනත්...ඔයා මාව අතඇරියා නම්,අමතක.කරා නම් ...ඕනි දේකට මට සමාව දෙන්න තිබුනා...
ඒත් මගේ ගැන තඹ සතේක තරම්වත් නොහිතා marry කරේ කොහොමද ඔයා...ඔයාගෙ.පුංචි බනී ඔයා වෙනුවෙන් බලන් හිටියා ලියෝ....එයාගෙ ජීවිතේම උනේ ඔයා.... ඔයාට තිබුනා මාව එක පාරක් හොයන් ඇවිත් අඩුම මං ජීවත් වෙලා ඉන්නවද කියලවත් බලන්න...ඇයි ඔයා විශ්වාස නොකරෙ මං ඔයා එනකම් බලන් හිටියා කියලා..ඔයා මගේ මුලු ජීවිතේම කියලා...ඔයා මාව එක පාරක්වත් හොයලා නෑ ලියෝ..හෙව්වා නම් ඔයාට මාව ලේසියෙන්ම හොයා ගන්න තිබුනා...අපේ ළමා නිවාසෙ මං ගැන හැම තොරතුරක්ම මං කාලෙන් කාලෙට ගිහින් අලුත් කර කර ආවෙ ඔයා මාව හොයන් එන දවසට අපිට ඉක්මනින් හම්බෙන්න ලැබෙන්න...ඒත් ඇයි ඔයා මට එහෙම කරේ......
බනි බිම වාඩිවෙලා අඬ අඬම එයාගෙ room එකේ කෑ ගහනවා...එයා වේදනාවෙන්....
මං හිතුවෙ නෑ ලියෝ ඔයාව ආපහු හම්බෙන දවස මට මෙච්චර දුකක් ගේන දවසක් වෙයි කියලා...මගේ ලියෝ ඔයා මගේ..ඔයා ඔයාගෙ බනිගෙ...ඔයා මගේ ....අනේ ආය එන්නකො මං ගාවට....මට තනියි....මට රිදෙනවා ලියෝ ගොඩක්...
.................................................................................
Yibo's POV
අද ඒ මූසල දවස...මට මෙහෙම කාලකන්නි ජීවිතයක් ඉතුරු කරපු දවස....මගේ ජීවිතේ මටයි කියලා මං ළඟින්ම අන්තිමට ඉතුරු උන කෙනත් මට නැති වුන දවස....
මං jackson uncle එක්ක උදේම cemetery එකට ගියා...සුදු රෝස මල් පොකුරකුත් අරන්...ඒ එක්කම තවත් සුදු මල් bouquet දෙකකුත් ගත්තා මම ...ඒ දෙන්නා වෙනුවෙනුත්..
BINABASA MO ANG
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️