02 🍁

621 145 20
                                    

ඒ දෙන්නා ඒ දෙන්නගෙ ලෝක වලට සුර දූතයො උනා...කාලයත් එක්කම...එයාලගෙම සුර ලෝකෙක..

.......................................................................................

ඒත් සුර ලෝකවලටත් නපුරු රාක්ෂයොන්ගෙ සාප වැදෙනවා...

අන්තිමට පුංචි බෝ බෝගෙ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන දවස ඇවිත්...හරියටම අවුරුදු 7කට පස්සෙ....

ඒත් ඒ ප්‍රාර්ථනාව ඉටු කරන්න යන්නෙ දෙවියො වෙන්න පුලුවන්ද .....

පුංචි බෝ බෝගෙ සුර ලෝකෙ බිඳලා දාන්න තරම් දෙවියො නපුරු වෙයිද?

ඒත් බෝ බෝට කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ....ඒ එයා කරපු ප්‍රාර්ථනාව නිසා එයාට මේ දේවල් ලැබෙන නිසාද?

නෑ ... ඒ පුංචි බෝ බෝට එයාගෙ ජීවිතේ අයිතියක් නැති නිසා... ඔව් ඒ ළමා නිවාසෙ හිටිය කිසිම ළමයෙක්ට තමන්ගෙ ජීවිත අයිති නෑ...

අවුරුදු 7කට පස්සෙ එයාට එයා කවදාවත් හැබෑවට නොදැකපු...පොත් වලින්ම විතරක් දැකපු ඒ ලස්සන ලෝකෙ බලන්න යන්න පුලුවන්...

එයාලා මාව අරන් යන්න හදන්නෙ..පුංචි බෝ බෝට තේරුනා ... අනික් හැමෝම මගේ අම්මා ගැන ඇහුවම මාව එපා කිවුවත් ඒ කලු ඇදගත්ත ⁣සරුයි මිසුයි මාව අරන් යනවලු...... එයාලා මං ළඟට ආවා මට ආදරෙන් කතා කරගෙන...

පුංචි යීබො අද ඉදන් මම තමයි ඔයාගෙ මමා

ඔව් එතකොට මම තමයි ඔයාගෙ පපා...

එයාලා නපුරු නැතුව ඇති ඒත් මට එයාලව දැනුනෙ මගේ සුර ලෝකෙ ගිනි තියන්න ආපු රාක්ෂයො වගේ.

ඇයි දැන්...මට දැන් කෙහේවත් යන්න බෑ....මං දැන් බනීගෙ ඔව් මං එයාගෙ ලියෝ..එයාගෙම විතරයි...මට යන්න බෑ.

පුංචි බෝ බෝගෙ හිත කෑ ගැහුවා..

ඒ එක්කම එයා අනිත් පැත්ත හැරුණා කඳුලු පිරුණ ඇස් දෙකෙන්ම ....ඒ පුංචි ඇස් රතු වෙලා කේන්තිය දුක ....තව හැඟීම් ගොඩක් තිබුනා ඒ ඇස් අස්සෙ .....

එයා දුවගෙන ගියා ගොඩක් වේගෙන්...

එයාගෙ නම කියලා පාලිකාවත් ..එයාව ගෙනියන්න ආපු අයවත් කරපු කෑ ගැසීම් එයාට තව දුරටත් ඇහුනෙ නෑ.එයාගෙ හිත ⁣කෑ ගැහුවෙ බනී කියලා..එයාගෙ ඇස් හෙවිවෙ එයාගෙ පුංචි බනීව..එයාගෙ කන් පුරා තිබුනෙ පුංචි බනීගෙ ලස්සන හිනාව..ඒ කකුල් පුලුවන් උපරිමෙන් දිව්වෙ එයාගෙ බනීව හොයන්න...එයාට ඕන වුනේ එයාගෙ පපුවට බනීව තුරුල් කර ගන්න....

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now