මෙතෙක් කල් ෂාවෝ ලුසී වුන එයා මීට තප්පරේකට කලින් ෂියාවෝ ලුසී විදිහට පොරොන්දු දෙනකොට මෙතෙක් කල් මාත් එක්ක විතරක් හිනාවුනු ඒ හිනාවෙ අයිතිකාරයා ෂියාවො ශාන් සදහටම ලුසීටම හිමි උනා.
" ඔයා මන් ගාවම ඉන්නව නෙද යීබෝ? මගෙ හොදම යාලුව මේ වෙලාවෙ මෙතන හිටියෙ නැත්තන් මන් කොහොමද එයාව මගෙ කර ගන්නෙ?"
" හ්ම්..මන් ඉන්නම්.."
තාමත් එයා උදේ කියපු දේවල් මගෙ ඔලුව ඇතුලෙ රැව්පිලිරැව් දෙනකොට අල්තාරෙ උඩ ඉන්න එයා දිහා මන් එක ඇස්පිල්ලමක්වත් ගහන්නෙ නැතුවම එයාට එහා පැත්තෙන් පහල තවත් යාලුවො දෙන්නෙක් එක්ක හිටගෙන බලාන හිටියා.
පපුවත් ඇදුම් කනකොට උගුරත් හිර කරන් උඩට එන්න හදන ඉකිය මන් පාලනෙ කර ගන්න හැදුවා උනාවත් මට තේරුන ඒ වෙදනාවටම මගෙ අස් දෙකට කදුළු උනනවා. එත් හැමදාමත් වගෙ මන් සමත් උනා බිමට වැටෙන්න නොදී ඒ කදුළු ඇස් අගම රදවා ගන්න.
සිය ගානක් හෝල් එක පුරාම පිරෙන්න සෙනග ඉන්නකොට මෙතෙක් කල් මගෙ ඒක පාර්ශවික ආදරේ උනු ෂියාවො ශාන්.., මන් වැන්ග් ශාන් කර ගන්න පෙරුම් පුරපු කෙනා අද අපේ යුනි එකෙ ප්‍රසිද්ධම වගේම සල්ලිකාරම කෙනා උනු ෂාවෝ ලුසී එක්ක අතිනත ගන්නවා..
මෙතෙක් කල් මවපු හීන එක්නෙක එකිනෙක කැඩිලා බිදිලා වීදුරුවක් වගෙ විසිරිලා යනකොට මට දැනුනා ඒ හා සමානවම මගෙ හිතත් කෑලි කෑලි බිදිලා විසිරිලාම යනවා..
😉❤
........................................................................
ඔන්න දෙන්න පටන් ගත්තා..😁🙃
YOU ARE READING
Waiting For Forever ( One Shot )
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End - 29/06/2022