☘️ 13 Chapter ☘️

286 75 6
                                    

   

      " දන්නවද යීබෝ මට තාමත් මතකයි ඉස්සෙල්ලාම ඔයව දැක්ක දවස.. ඔයාට කියුට් ලුක් එකක් තිබුනා උනාවත් ඔයා හිටියෙ බුම්මගෙන වෙනකොට ඔයාගෙ තිබුනෙ හරි සීතල පෙනුමක්.. එක අතකට වෙනසක් නැ.. ඔයා කොහොමත් එහෙමයි.. හැබැයි පිටට.. එදා අපි දෙන්නට දෙන්න එකට වැලදගෙන ඉන්නකොට ඔයාගෙ පලවෙනි හුස්ම වැදෙනකොට මට ඔනි උනා හැමදාටම ඔයාට තුරුලු වෙලා ඉන්න. ඒ ආගන්තුක හැගීම එදා නොතේරුනා උනාවත් ටිකෙන් ටික මට තේරුනා ඒ ආදරරේ කියන්න.. "

"ඉතින් හිතුවට වඩා ඉක්මනට අපි දෙන්න යාලුවො වෙනකොට  මට ඕනි උනේ ඔයාගෙම වෙන්න. ඔයාව මටම හිමි කර ගන්න. වෙන කිසිම කෙනෙක් ලග පෙන්නනෙ නැති ඔය ආදරේ මන් ලගම තියා ගන්න..

ඉතින් මන් උත්සාහ කරා ඔයාට ඒ දේ දැනෙන්න දෙන්න.. මට කේන්ති ගියා ඔයා පස්සෙ කෙල්ලො එනකොට ..මට තරහා ගියා මගෙ පස්සෙන් කට්ටිය එනකොට ඔයා මාව තනිකරලා එන එකට.. ඉතින් ඔයාගෙන් ප්‍රතිචාරයක් අඩු වෙනකොට මන් පුරුදු උනා කටින් හරි කියලා ඒ දේවල් ඔයාගෙන් ලබා ගන්න. ඉතින් ටිකෙන් ටික වචනෙන් නොකියන ඔය ආදරෙ මට දැනෙනකොට මේ ලෝකේ වෙන කාටත් වඩා මන් සතුටු උනා.. "

"ඒත් දන්නවද යීබෝ ඒ සතුට නැති වෙන්න ගියෙ ටිකම ටික කාලයයි.  අපි අපේ ආදරෙ කියන්න කලින්ම විදින්නත් කලින්ම අපිට අපිව අහිමි උනා යීබෝ.."

"ම...මට ඕනි උනෙ නෑ ඔයාව රිද්දන්න.. මට ඕනි උනේ ඔයාව ආරක්ෂා කරන්න විතරයි මගෙ යීබෝ..මන් මෙ හැමදේම කරෙ ඒ වෙනුවෙන්..මගෙ සතුට නැති උනත් ඔයාගෙ සතුට වෙනුවෙන් මන් මාවම නැති කර ගන්න හැදුවෙ මගෙ ලියෝ.."

එ.. ඒත්..

                                 ❤😉

Waiting For Forever  ( One Shot )Donde viven las historias. Descúbrelo ahora