☘️ 10 Chapter ☘️

297 77 7
                                    

" Good morning doctor "

" Good morning "

" සර් ඒ කාමරේමද? "

" හ්ම් ඔව්.. "

මේල් නර්ස් දුන්න යතුරත් අතට ගත්ත මම එතනින් එහාට ඇවිදන් ගියේ එලිවේටර් එක ගාවට.. තට්ටු දහයක් තිබුන බිල්ඩින් එකේ අංක 05 ෆ්‍රෙස් කරපු මම වටේම තිබුන සිල්වර් කලර් යකඩ බිත්තියෙන් පේන මගේම ප්‍රතිබිම්බය දිහා හිස් හැගීමකින් බලන් හිටියා..

තප්පර ගානකින් පස්වෙනි තට්ටුවට ආව එලිවේටර් එකේ බෙල් එක වැදෙනකොට මමත් එක ඇතුලෙන් එලියට අඩිය තියලා එතනම හිට ගත්තෙ සුදු පාට බිත්තිවලින් වට උනු අඩි ගානක් දිග කොරිඩෝ එක පුරාවටම ඇස් යවන ගමන්.

අඩි කීපයෙන් කීපයට දොරවල් තියනකොට ඒ හැම එකක්ම වගේම අමුතු නිහඩ බවක් තිබුනා වගෙම සමහර කාමරවලින් ඉද හිට ආව කෑගැසීම් හඩකින් මුලු තට්ටුවේම නිහඩ බිදිලා ගියා. අමුතු එලියක් තිබුන නිහඩ කොරිඩෝව පුරාම මගෙ සපත්තුවේ අඩි සද්දෙ දෝංකාර දි දී ඇහෙනකොට හැමදාම වගේ ඒ කොනේම තිබුන කාමරේ ගාව හිට ගත්ත මම වේගෙන් ගැහෙන මගෙ පපුව අතින් අල්ල ගත්තා..

කාමර අංක 85

ඒ වැහිලා තියන දොරෙ තිබුන කුඩා ග්ලාස් එකෙන් ඇතුල බලපු මම යතුර ලොක් එකට දාලා කරකනකොට කටස් ගාලා සද්දයක් ආවා වගෙම හෙම්බත් වෙලාම උන්නු මන් ඒ දිහාත් බලන් ඉදලා හොද හුස්මක් අරන් පහත දැම්මා.

ඇස්වලට ගලන කදුලු බිම වැටෙන්න පොරකනකොට ඒ වා එහෙමම ඇස් ඇතුලට ගිල ගත්ත මම ඒ දොර ඇරගෙන සද්දයක් පිට නොවීම එ කාමරේ ඇතුලට ගියා...

හැමදාටමත් අනිත් තැන්වලටත් වඩා නිහඩ උනු මේ කාමරේ අනිත් තැන්වලට වඩා අමුතුම හිස් ගතියක් වගෙම මලානික වෙලා තිබුනා...

මේ ගෙවුන කාලය පුරාවටම වගෙ මට අවධානයක් නොදුන්න එයා අදත් සුදු පැහැ පඩු පැහැ ඇදුමක් ඇදගෙන කාමරෙ කොනෙ තිබුන ලොකු ජනේලෙ ගාවට වෙලා පරක් තෙරෙක් නොපෙනෙන අහස දිහා හිස් හැගීමෙන් බලන් හිටියා..

හැමදේම ඔනිවටත් වඩා හිස් වෙලා තිබුනා...

                                   ❤😉



Waiting For Forever  ( One Shot )Donde viven las historias. Descúbrelo ahora