☘️ 03 Chapter ☘️

383 80 7
                                    

තාමත් ඒ දිලිසෙන මුන දිහා බලානම මන් කල්පනා කරෙ ආයෙ කවදා එයාට ඒ තරම් සමීප වෙන්න ලැබෙයිද කියලා. තව දුරටත් එයා මගෙ නෙමේ කියන හැගීම දැනෙනකොට මට හිතුනෙම මගෙ පපුව පැලිලා මැරෙයි වගෙ..

මීට සති දෙකක කලින් ඉදන් මන් ප්‍රාර්ථනා කරපු එකම දේ මේ දවස වැරදිලාවත් එන්න එපා කියලා.. ඇයි බනී මාව මෙච්චරම අසරන කරේ? ඇයි ඔයා වෙන කෙනෙක්ගෙ වෙනවා බලන්න මට එන්න කීවෙ? ඇයි මාව මේ තරම්ම අසරන කරේ? දන්නවද මගෙ බනී මගෙ පපුව රිදෙනවා. ගොඩාක්...

මේ හදවත දන්න කාලෙ ඉදන් ඔයා වෙනුවෙන් ගැහුනෙ බනී. ඉතින් තව දුරටත් ඔයා මන් ලග නැති වෙනකොට මගේම හදවත උනාවත් මාත් එක්ක එකට ඉදිවිද?

ඔලුව පැලෙන්න තරම් රිදෙනකොට, පපුවෙන් පටන් ගත්ත කැක්කුම ඉහලට ඔඩු දුවනකොට හුස්ම ගන්න අමාරු වෙනවත් එක්කම මන් එයා දිහා බැලුවා . අන්තිම පාරට..

විවාහ පොරොන්දු දුන්නාම තිබුනෙ මගුල් මුදුව දාගන්න වෙනකොට පසුබිමින් ඇහෙන සෞම්‍ය වයලින් වාදනයක් එක්ක ලුසී මගෙ බනීගෙ අතට මුදුව දානකොට මගෙ මුලු හිතම ගිනි ගොඩක් උනා.

ඒ හැගීමම දරා ගන්න බැරි වෙනකොට ඇදුම් කන පපුවට හෙමින් සැරෙ අත තියා ගත්ත මම එයා දිහා තව තවත් බලන් හිටියා. ඕක කරන්න එපා මගෙ මැණික. මට රිදෙනවා..මගෙ මෙතන රිදෙනව මගෙ බනී..මාව මැරෙයි..

ලුසීට දාන මුදුව අතට ගත්ත ශාන්ගෙ මූනෙ මෙතෙක් තිබුන ලස්සන හිනාව තරමක් අතුරුදහන් දහන් වෙලා තියනව මට මගෙ බොද වුනු ඇස්වලින් පෙනුනත් ඒ මුද්ද දිහා බලපු තව දුරටත් මගෙ නොවන මගෙ බනී මගෙ දිහට ඇස් ගෙනාව උනත් ඒ මූන මන් දැක්කෙ ලාවට වගේ...

ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙනම හිර වෙනකොට , ඔලුව පුපුරන්න තරම් දැනුන කැක්කුම එක පාරටම වැඩි වෙනකොට , උගුරෙ හිර කරන් හිටපු වේදනවා ඉකියක් එක්කම හීනියට පිට වෙනකොට තව දුරටත් කෙලින් ඉන්න බැරි තැනට කකුල්වලට වාරු නැති වෙනකොට වටේම දුරුවීගෙන එනකොට හැම අමාරුවක්ම දරාන මන් අන්තිම හුස්ම ගත්තා.

ඇගෙන් වේදනාවක් දැනිලා නොදැනී යනකොට මන් ප්‍රාර්ථනා කරා. මන් ප්‍රාර්ථනා කරා.. තව දුරටත් එයා නැති ලෝකෙක මගෙ හුස්ම නොවැටේවා කියලා. මන් ප්‍රාර්ථනා කරා අපි දෙන්නගෙ මතක පිරුනු ලෝකෙක මාව නතර වෙන්න කියලා....
එයාගෙයි මගෙයි ලස්සන මතක අස්සෙ මන් හිර උනා.....

මන් ආදරෙයි මගෙ බනී...



❤😉











Waiting For Forever  ( One Shot )Où les histoires vivent. Découvrez maintenant