☘️ 08 Chapter ☘️

294 74 9
                                    

" යී..බෝ...."

එය බය වුනු ඇස්වලින් නැගිටල මන් දිහා බලාන පුදුමෙන් කතා කරනකොට බාගෙට බොද උනු ඇස් පිහ දදාම මන් එයා දිහ බැලුවා..

" යි...යීබො.. අනෙ.. අනෙ..ම..මට සමාවෙන්න යීබෝ..දෙයියනෙ මෙ..අනේ.. මට සමාවෙන්න යීබෝ..මන් නිසයි මෙ වගෙ දෙයක් උනේ.."

" බ..බනී අහන්නකො ..නැ.නැ.."

" නැ යීබෝ මන් තමා ඔයාව මේ වගෙ දෙකට පොලඹවාගන්න ඇත්තෙ. ආශ්.. මන් මන් ඊයෙ රැ..නැ මන් කොහොමද එහෙම දෙයක් කරේ.."

" බනී.."

මන් එයාව කොච්චර නවත්තන්න හැදුවා උනාවත් එය කරේ එක දිගටම එයාටම බැන ගන්න ගමන් මගෙන් සමාව ඉල්ලපු එක..

" මෙ මේ දේ වැරදී යීබෝ..අපි යලුවො. අපි අපි අතර කො..කොහොමද එහෙම දෙයක් වෙන්නෙ? අනෙ මට සමාවෙන්න යීබො..මන් වැරදී..මේ දෙ වැරදී යීබෝ.. ලුසී ලුසී.. එයා මෙව දැන ගත්තොත් ? මගෙ ලුසී..."

" මට සමාවෙන්න යීබෝ මෙක අත්වැරැදීමක්..."

ඒ කටෙන් ලුසීගෙ නම පිටවෙනවත් එක්කම අන්තිමේදි එයා පිස්සුවෙන් වගෙ කියවන දිහා මන් හැගීමක් නැතුව ඔහේ බලාන හිටියා . එය මේ උන දේට පසුතැවෙනකොට මන් එ දේට හදවතින්ම සතුටු උනාවත් ඒ සතුට හිමි උනෙම ඒ ගෙවුනු රාත්‍රියටම විතරක් වෙනකොට මන් අඩන්න බැරිකමට එය දිහා හැගීමකින් තොරව බලන් හිටියා.

ඇයි එයාට මේ දේ වැරදි උනේ.? මගෙ මුළු ආත්මයම එයාව ඉල්ලනකොට මේ දේ පිළිගන්නකොට එයාට කොහොමද මේ දේ වැරැද්දක් උනේ? එදා මන් තවත් ගොළු උනා. නැ මගෙ බනීගෙ හැසිරීම මාව ගොළු කරා...

ඒ දේ වැරදී කිය කියා පිස්සෙක්  වගෙ අපි උන්නු ගෙදරින් එයා යන්නම යනකොට මන් කරෙ නිහඩව ඔහෙ බලන් හිටපු එක. රිදිලා තිබුන හිත තව තවත් රිදෙනකොට එයා යන්න ගියාම මන් විතරක් ඉන්න ගෙදර මම දෙවනත් වෙන්න හූ තිය තියා ඇඩුවා ..

ඇයි එයා එහෙම කරේ? ඇයි මට බලාපොරොත්තු දුන්නෙ එහෙනම්? සිහියෙන් හිටියත් නොහිටියත් එයයි එ  දෙ පටන් ගත්තේ . අසිහියෙන් උනත් මගෙ නමයි එය මිමුනුවෙ ..ඉතින් ඇයි? ඇයි බනී මගෙ හැගීම් තෙරෙන්නෙ නැත්තෙ?

යන්න ගියපු එයා ගැන හිත හිතාම සති දෙකක් මන් නොකා නොබී අපෙ මතක පිරුනු ඒ ඇදටම වෙලා ඉන්නකොට එයා අවා.

හරියටම ඊට සති දෙකකට පස්සෙ..





                                ❤😉


Waiting For Forever  ( One Shot )Where stories live. Discover now