"හිත වෙනතක තියනකොට කටින් වචන පිට කරපු මම හිතින් ඔයා වෙනුවෙන් පොරොන්දු දුන්නා යීබෝ.. ඔව්..
එදා අල්තාරෙ උඩ ඒ අත අල්ලන් හිටියා උනාවත් මගෙ හිත තිබුනෙ ඊට පහලින් ඉන්න ඔයා ගාව වෙනකොට මන් ඒ පොරොන්දු හිතෙන් ඔයා වෙනුවෙන් දුන්නා මගෙ යීබෝ...""Yizhan අකුරු වෙනුවට luzhan අකුරු කොටපු මුදු දෙක දකිනකොට ඇත්තමයි මට ඕනි උනේ එතනින් පැනලා දුවලා ඔයාගෙ තුරුලට එන්න යීබෝ..මගෙ සැනසීම හැමදාමත් ඔයා ගාව.."
"මගෙ අතට මුද්ද වැටුනත් මන් ආයෙම ඔයා දිහා බැලුවා..මන් කරන්නෙ හරි දේද? හැමොම බලාන ඉන්න එ අල්තාරෙ උඩ ඉදන් මන් බැලුවෙ ඔයා දිහා.. මන් මගෙන්ම ඇහුවා ඒ ගැන. අපි අපිට ආදරෙ කරලත් මන් මේ කරන්නෙ හරි දේද? මන් දන්නවා මෙතෙක් කල් අපි කවමදාවත් එ දෙ වචනෙන් කියලා නැ. එත් ඒ ආදරෙ මට දැනුනා යීබෝ. ඔයාගෙ උනුසුම එක්ක දැනෙන ආරක්ෂාවට මන් ආදරෙයි යීබෝ. එ හැගීම් මට ඔයා ගාවදි විතරමයි දැනෙන්නෙ.."
"ඉතින් මන් බැලුවා.. ඔව්..මන් බැලුව ඔයා දිහා..
ඒත්... ඔයාගෙ මූන දැකපු ගමන් මට දැනුනෙ මගෙ පපුව පිච්චිලා යනවා වගෙ ..""මෙතෙක් කල් කිසිම වෙලාවක කදුළක් වැටිලා නැති ඇස් දෙකෙන් කදුළු පෝලිම් කැට කඩන් වැටෙනකොට මට තෙරුනා මන් කරේ වැරැද්දක් කියලා. කවදාවත් නැතිව ඒ ඇස්වල ඔය දේ කරන්න එපා වගෙ ආයාචනාත්මක බැල්මක් තියනකොට මොහොතකට මාවත් නැතිවෙලා ගියා වගෙ දැනුනා."
"එ උනත්...."
"ගතවුනු ඊලග තප්පරේ මන් දිහා කදුළු ගලන ඇස්වලින් බලන් හිටිය ඔයා එක පාරටම ඇස් දෙකත් පියාන බිම වැටෙනකොට හිතන්නවත් වෙලාවක් නැතුව අතේ තිබුන මුදුව වැටිලා හෝල් එක පුරා ඒ සද්දෙ රැව් දෙනකොට මන් ඔයා ගාවට ආවා යීබෝ.. මන් ඔයාට වැටෙන්න දුන්නෙ නැ.. "
"ඒත් මන් දැනන් හිටියෙ නැ මන් පරකු වැඩී කියලා... මට සමාවෙන්න ..."
❤😉
YOU ARE READING
Waiting For Forever ( One Shot )
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End - 29/06/2022