☘️ 15 Chapter ☘️

290 78 6
                                    


"එදා.. ඔව් ඒ දා.."

"හරියට අපේ ෆයිනල් පාර්ටිය දවස..,"

"එදා තමා මන් මගෙ ජීවිතේ සතුටුම උන දවස.. දන්නවද යීබෝ. එදා මන් හිටියෙ වෙරි වෙලා නෙමේ හිටියෙ යීබෝ..එදා ගෙවුනු හැම තප්පරේකම මන් හිටියෙ හොද සිහියෙන් . දන්නවද? මට ඕනි උනා ඔයාගෙම වෙන්න..මට හැමදාමත් ඔනි උනේ ඔයාගෙම වෙන්න වෙනකොට අනාගතේදි උනත් වෙන කෙනෙක් එක්ක වෙන්න බැරිකමට, වෙන කෙනෙක්ට මාව ඩෙන්න බැරිකමට, ආදරේ වගේම මමත් ඔයටම ඉස්සෙල්ලාම දෙන්න ඔනිකටම මම එදා රගපෑවා යීබෝ.. මන් රගපෑවා.. එහෙම නොවුනා නම් මන් කොහොමද ඔයාගෙන් ඈත් වෙන්නෙ? හොද සිහියෙන් ඉදලා කොහොමද මන් ඒ දේ වැරදී කියන්නෙ? ආදරෙන් එකතු වෙලා පහුවදාට දාලා යන්නෙ කොහොමද මන් යීබෝ?"

"ඉතින් ඒ නිසාම.මන් එදා මත් උනා වගෙ රහපෑවා වගේම ඔයාව ඒ දේට පොළඹවා ගත්තා .. මගෙ වගෙම ඔයාගෙ පලවෙනි හාදුවත් අපේම වෙනකොට ගතිනුත් අපි දෙන්න එකට බැදුනා. දන්නවද ඔයාගෙ දෙතොල් මගෙ ඇග පුරාම යනකොට මට දැනුන සැනසීම? ඒ දේ ඔයා වෙනුවෙන්ම විතරයි මගෙ යීබෝ.. ඔයා වෙනුවෙන් විතරයි. මට බැ ඒ දේවල් වෙනකෙනෙක් වෙනුවෙන් දෙන්න.."

"ඉතින් ආදරෙන් ගෙවුන ඒ රාත්‍රිය මගෙ ජීවිතේ ලස්සනම දිගම රාත්‍රිය වෙනකොට පහුවදා උදේට එලිවෙන්න එපා කියලා මම දන්න හැම දෙවියෙක්ම යැද්දා යීබෝ . ඒත් එ මොහොත හිතුවට වඩා ඉක්මනට ආවා.."

'හිත රිදි රිදී පැරි පෑරී යනකොට හදවතින්ම වින්ද ඒ මොහොත වැරදීමක් කියලා කෑගහලා යනකොට ඔය මූන ගොළු උන හැටි මන් දැක්කා යීබෝ...මන් දැක්කා..ඒත් මන් කොහොමද මගෙ හැගීම් ගාව නවතින්නෙ ඔයාව බිල්ලට දීලා..'

"ආයෙම ඔයාගෙන් මන් පරන කෙනාවම දකිනකොට මට දරාගන්න බැරි උනා යීබෝ.. ලුසීගෙ පපාගෙ කීමට වෙඩින් එකට දින දාගත්තාම ම..මට අමාරු උන ඒ දේ ඔයාට කියන්න..මන් කොහොමද කියන්නෙ? මන් කොහොමද කියන්නෙ මන් වෙනකෙනෙක්ව මගෙ කර ගන්න යනවා කියලා..

ඒත් දෛවය හරිම නපුරු මගෙ යීබෝ..


❤😉



Waiting For Forever  ( One Shot )Where stories live. Discover now