☘️ 19 Chapter ☘️

317 77 9
                                    

 

  
        මගෙ අත් අතරට හිර වෙලා තිබුනු ඒ සුදුමැලි දිගැටි අත්ල මගෙ තොල් ලගට අරන් ඒ උඩින් හාදුවක් තිබ්බ මම ඒ දෝතම මගෙ පපුවට තුරුලු කර ගත්තා..

" තමන් ආදරේ කරපු කෙනා සිහියක් නැතුව වෙනමම ලෝකෙක ජීවත් වෙනකොට , ඒ තමන් නිසා කියලා දැනගෙන ඉන්නකොට , මටම ඔය හිතට බෙහෙත් කරන්න නියම වෙනකොට? ඒ හැගීම බර වැඩී යීබෝ. ඔයා දන්නෙ නැ එක ගොඩක් වේදනාකාරී.."

"අවුරුදු දෙකක් පුරාවටම මන් ඔයාව බලා ගන්නව මගෙ යීබෝ.. එත් ඇයි ඔයා තාමත් මෙහෙම ඉන්නෙ? මාත් එක්ක එච්චරම තරහින්ද? මාව මෙච්චරටම රිද්දන්න ඕනිද මගෙ ලියෝ?"

" දැන් ඔයා සතුටින්ද? ඔයගෙ හිත ඇතුලෙන් මවා ගත්ත ලෝකෙ ඇතුලෙ ඔයා සතුටින් ඉන්නවද මගෙ යීබෝ?"

" ඔයා සැනසීමෙන්ද? එ.. ඒත් මන්? මෙහෙම වෙන්න එපා . දැන්වත් මන් ගාවට එන්න කරුනාකරලා .. මන් යදිනවා යීබෝ .. ප්ලීස්..."

" යීබෝ මේ මෙ බලන්න මගෙ අත දිහා මන් ලුසීගෙ උනේ නැ යීබෝ.  එදා එක උනේ නැ.."

මන් මගෙ අත එයාගෙ ඉස්සරහා එහාට මෙහෙට කරෙ ඒ මුද්ද නෑ කියන්න..

ඔව් එදා ඒ විවාහෙ උනේ නෑ තව දුරටත් ,  උන දේත් එක්ක ලුසී තේරුම් ගත්තා මන් වගෙම යීබොත් එකිනෙකාට ආදරෙයි කියන්න.. ඒ වගේම ලුසී දැනන් ඉදලා නැ එයාගෙ පපා මාව බ්ලැක්මේල් කරා කියන්න.. ඉතින් උන දේ කොහොම උනාවත් එදාම ලුසී මාව එයාගෙ බැදීමෙන් නිදහස් කරා..

ඒත් ඒ උනාත් තව දුරටත් මගෙයි මගෙ යීබොගෙයි ලෝකෙ ලස්සන උනෙ නැ.. මන් අතින් ඒ හිත බිදිලා ගිහින් ඉවරයි.

මගෙ ලියෝ මේ අවුරුදු දෙක ජීවත් උනේ එයාගෙම මනසෙ ඇතුලෙ මවා ගත්ත ලෝකයක් තුල. එයා එක ඇතුලෙ හිර වෙලා තිබුනා වගෙම එයාට බාහිර ලොකෙ ගැන සිහියක් තිබුනේම නැ..

මන් දැනන් හිටියා එයාගෙ එ ලෝකේ ඇතුලෙ එයා ඉන්නෙ මමත් එක්ක කියන්න..

මම ඒ අත අතාරින්න උත්සාහ කරපු තැන ඒ හිත සදහටම නතර වෙලා තිබුනා..

                         

                             ❤😉









Waiting For Forever  ( One Shot )Where stories live. Discover now