☘️ 20 Chapter ☘️

607 91 37
                                    

        

      මන් එයාව හැමදාමත් වගේ පරීක්ෂා කරනකනුත් එයා කිසිම හැල හොලමනක් නැතුව ඉස්සරහා බලාන හිටියා.  හරියට වීනස් ප්‍රතිමාව වගෙ.. එයා හැමදාමත් වීනස් වගේ ලස්සනයි තමා. එත් අවුරුදු දෙකක් තිස්සෙ එයා පීලිමයක් වෙලා..  හැගීම් නැති ලස්සනම ලස්සන දේවදූතයෙක් වෙලා..

එයාගෙ හැමදේම බලපු මම ආයෙම එයා ඉස්සරහට ඇවිදින් ඒ මූන මගෙ අත් අතරට මැදිකරන් ඒ දිලිසෙන නළලතින් ආදරේම පිරුනු හාදුවක් හරිම පරිස්සමෙන් තිබ්බා...

" මන්  අදරෙයි යීබෝ"

හැමදාම වගෙ මන් ඒ වචන තුන එයාට කීවෙම හදවතෙ එයා වෙනුවෙන් උපදින හැගීම් පිරිලා ඉතිරිලා යනකොට..

" ඔයා කොයි තරම් කාලයක් ඔහොම හිටියා උනාවත් මන් ඔයා ආයෙම මන් ගාවට එනකන් මන් බලන් ඉන්නවා මගෙ යීබෝ.. මන් ආදරෙයි .. මන් ඔයාට මටත් වඩා ආදරෙයි"

" ඔයාට ඔයාවත් අමතක වෙනකන් ආදරේ කරපු මේ වැන්ග් යීබොට එයාගෙ එකම ආදරේ වැන්ග් ෂාන් හැමදාමත් ආදරෙයි ."

" බලන් ඉන්නවා ඔයා මට කතා කරනකන්"

ඇස්වලින් පිටට පනින්න පොරකන කදුළු ඇස් අස්සෙම හිර කරන් ආයෙම ඒ ඇස් දෙක දිහා බලාන කීව මම සුදුපාට දිග කෝට් එකේ පොකට්ටු අස්සට වෙව්ලන අත් දෙකම ඔබාන එයාව පාස් කරලා මන් හෙමින්ම ඒ කාමරෙන් එලියට එන්න හිතාන අඩිය තිබ්බා..

ආයෙම මූසල නිහැඩියාවක් තිබුන කාමරේ පුරා මගෙ සපත්තු අඩියේ සද්දය ඩග් ඩග් හඩ නගනකොට ම බිම බලාන දොර ගාවට ගියා..

" බනී"

ගැඹුරුම එත් හරිම සන්සුන් ඒ කටහඩ අවුරුදු ගානකින් මගෙ සවනත වැදෙනකොට දොරේ හැන්ඩ්ල් එක මත තිබුන මගෙ අත ඉබේම අප්‍රානික වෙනකොට ඇස්වලට උනපු කදුළු කැට පෝලිමට කම්මුල් දිගේ ගලාන ගියා..

" ආයෙමත් මාව  දාලා යනවද?"

වෙවුලන කටහඩින් ඒ වචන ටික පිට වෙනකොට එයා ආයෙම මන් නිසා ඒ ඇස්වලින් කදුළු වැටෙනවා කියලා තේරෙනකොට මට දැනෙන්නෙ මායාවක්ද කියන එක නතර කර ගන්න  ආපස්සට හැරිලා බැලුවා..

ඉතින් මන් ඉස්සරහම සුදු ඇදුමින් සැරසුනු ඒ වීනස් ප්‍රතිමාවට ආයෙම පන ලැබිලා තියනකොට මෙතෙක් කල් දැවුන ගින්නෙන් සැනසීමක් දැනෙනකොට මම ඒ ඇස් ඉස්සරහා හිනා උනා..හදවත සතුටින් පිනුම් ගහනකොට ආයෙම එයා මන් ගාව කියන හැගීම දැනෙනකොට මන් හිනා උනා..

මේ ලෝකෙ මන් ආසම ඒ උනුහුම රැදි පපුවට තුරුලු වෙන්න දෑත් දික් කරලා නිහඩව කතා කරනකොට තවත් තප්පරයක් නොයිද මන් එ තුරුලට දුවලා ගියා..

ගිනිගෙන දැවුන හදවත් දෙකම එකම මොහොතක සැනසෙනකොට මෙතෙක් කල් දැනුන වේදනාව ඇස්වලටත් හොරා සතුටින්ම කදුලු වෙලා සිව් ඇස්වලින් ගලනකොට අපි දෙන්නම සැනසුම් සුසුමක් හෙලුවා..

මන් ආයෙම ඒ තුරුලෙ.. මෙ ලොකෙ මන් ආසම තැන. !

"මන් ඔයාට ආදරෙයි යීබො...!"

"මමත් මගෙ බනී.. මන් මේ ලෝකෙ මටත් වඩා ඔයාට ආදරෙයි මගෙ බනී..! "

ඉතින් අපි අදින් අපේ ආදර කතාව ආයෙම ලියන්න පටන් ගමු...

Let us rebuild our lost love .. with eternal anticipation

.........................................................................

ඉතින් ඔන්න මෙකත් ඉවරයි. අදහසක් නැතුව අර සින්දුවට තමා ඉතින් මෙකත් ලියන්න ගත්තෙ.. "මා අහසෙ ලියූ දේ"  හිතට දැනුන විදිහට ලීවා . මැද හරියෙන් ලියන එක කැඩුන නිස ටිකක් අවුල් ගියත් වගෙ..🤧🙂

හොදද දන්නැ ඉතින් ඔයාලගෙ අදහසක් කියන් යන් ඉතින් 🥺. 

සමාවෙන්න ඔනි අනිත් කතාව දෙන එක නැවැත්තුවාට හොදෙ. මන් අගෝස්තුවේ එක දෙන්නම් නිකන් නෙමේ තනියට තවත් කතාවකුත් එක්කම..මන් එක්සෑම් ඉවර උන ගමන් එනවා..

ඕතර් නෝට් දාන්න කම්මැලි අයියො. මෙහ් එක නෙමේ මන් මගෙ රීඩර්ස්ලාට නමක් දාල තියනවා. ඔයාල එක දන්නෙ නැ නෙ? 😁 My Colors  එක තමා මන් ඔයාලට දාලා තියන නම..  අවුල්ද? ගොඩක් අය දාලා තියන එකෙ මමත් ඉතින් නිකන් දැම්මා.. එඋනාට මට ඔක දැනටම අමතක වෙලානෙ තියෙන්නෙ අයියො..🤧

කමක් නැ මන් පුලුවන් ඉක්මනට ආයෙ එන්නම් හොදේ..

මන් සෑඩ් එන්ඩින් වැන්ග්ෂියෑන් එකක් ලියන්න ගත්තා..අදහස හිත ඇතුලෙ පල් වෙනවා රාජකීය භාෂාව බැරුව..🙂💔




Waiting For Forever  ( One Shot )Onde histórias criam vida. Descubra agora