☘️ 11 Chapter ☘️

306 74 7
                                    

      

       මම ආව බව ඒ හිතට දැනුනා උනාවත් එයා අදත් මාව ගනන් නොගෙනම ඉන්නකොට මන් එයා ගාවට ගිහින් පිටි පස්සෙන් හිට ගෙන එයා වගෙම ඒ එක වලාකුලක් නැති ඒ ලා නිල් අහස දිහා බලන්න ගත්තා...

මගේම අතේ තිබුනු ඔරලෝසුවේ කට්ට කැරකෙන සද්දෙ විතරක් ටික් ටික් හඩ ගාමින් කාමරේ පුරාම ඇහෙනකොට තප්පර විනාඩි වෙලා ගෙවෙනකොට කාලය ගැන නිනව්වක් නොදැනිමම මම තවත් ඒ වත දිහ බලන් හිටියා..

" ඔයාට දැන්වත් මහන්සි නැද්ද ?"

" දන්නවද මට දැන් ඕනිවටත් වඩා මහන්සී. මට බයයි.... "

" බැරිද තාමත් තාමත් මාත් එක්ක ඉස්සර වගෙ කතා කරන්න? එකම එක පාරක් ආදරෙන් ?"

ඇස්වලින් කදුළු රූටා වැටෙනකොට මන් එයාට එහා පැත්තෙ ගිහින් ජනේල් පඩිය උඩ වාඩි උනා..

හැගීමක් නැතිවම තිබුනු ඒ සීතල මූනෙ ඇස් දෙක කිසිම ප්‍රානයක් තිබුනෙ නැ තව දුරටත්..

මන් නිසාද? මන් නිස ඇයි එහෙම උනේ? ඒ තරම්ම මට ආදරේ කරාද? ඔය හිතට ඔයාවත් අමතක වෙන තරම්ම?"

මගේම කටහඩ මටම අවනත නොවී වෙව්ලනකොට ඒ මූන දිහා බලාන මන් කතා කර  උනාවත් එයා එකම එක පාරක් මන් දිහා බැලුවෙවත් නැ. හරියට මන් කියලා කෙනෙක් මෙතන නැ වගෙ.. 

එකම ඩිග්‍රියට එකම යුනි එකට ගියපු අපි දෙන්නගෙ එකම හීනෙ උනේ එකටම රැකියාව කරන එක. මානසික වෛද්‍යවරයෙක් වෙන එක.. හැමෝටම සහනයක් වෙන එක.. එත් අද ඒ හීනෙ මන් විතරක් තනිවෙලා ඉන්නකොට මගේ පලවෙනිම රෝගියා උනේ ඔයා.. ඇයි එහෙම? මේ මට ඕනි උනේ මේදෙ නෙමේ.. නැ හීනෙකින්වත් මන් ප්‍රාර්ථනා කරපු දෙ නෙමේ.. මට මෙහෙම නෙමේ ඔනි උනේ..

" මට ඔනි උනෙ ඔයත් එක්ක එකට ගමන් යන්න.. ඉතින් ඇයි මාව තනි කරෙ? මන් කොහොමද මේ දේ තව දුරටත් දරා ගන්නෙ? මන් කොහොමද ඔයාට ලෙඩෙක් විදිහට සලකන්නෙ?"

" දන්නවද ඒක වේදනයි..."

                           



                           ❤😉














Waiting For Forever  ( One Shot )Where stories live. Discover now