☘️ 07 Chapter ☘️

293 75 7
                                    

එයා මගෙන් ඈත් උනා. එයා මාව මගැරියා, එයා ලුසී එක්ක හිනා වෙන්න ගත්තා, මන් නැතුව ගෙදරින් එලියට නොබැස්ස එයා මාව දාලා ලුසී එක්ක ඇවිදින්න යනකොට ජීවිතේ පලවෙනි පාරට මට ඊරිසියාව කියන හැගීම දැනෙන්න ගත්තා උනාවත් මන් ඒ හැගීම පාලනේ කර ගත්තෙ ශාන් මට කැමති නැතුව ඇති කියලා හිතලා..

" යීබෝ මන් ඔයාට ආදරෙයි"

බරම කරලා කියන ඒ වචන ටික එන්න එන්න නොකියනකොට මාව තනි වෙනකොට මන් කාටත් හොරා කදුළු වගුරන්න පටන් ගත්තා.. මගෙ කදුළු එයාට නොපෙනෙන්න මන් නොගත්ත උත්සාහයක් නැතුව ඇති. එකට ලගම විසදුම උනේ එයා ගාවත් මන් ගොළුවෙන එක.

අන්තිමේදි අපි හම්බ වෙලා අවුරුදු හතරක් ගෙවෙන තැන අපේ ෆයිනල් එක්සෑම් තියලා ඉවර වෙනකොට මන් බය උනා එයා මගෙන් ඈත් වෙයි කියලා. හැමදාම ඒ මූන බලාන නැගිට්ට මම , හැමදාම ඒ බද මටම තු‍රුලු කර ගන්න මවපු හීන එන්න එන්න බොද වෙනකොට මන් බය උනා එයා මාව දාලා යන්නම යයිද කියලා ..

ඒත් එද.. ෆයිනල් පාටි එක දවස. එදා නොවිය යුතු දෙයක් උනා.
නැ නැ එහෙම නෙමේ.එක මට ඕනිම උනු දෙයක්..එත් එයාට නෙමේ...,

එදා පාටි එක ඉවර වෙනකොට කවදාවත් මත් නොවුනු එයා මත් වෙනකොට සිහියක් තිබුනු මම එයාවත් අරන් අපෙ අපාර්ට්මන්ට් එකට අවෙ හැමදාම වගේ. ඒත් එදා අපේ සීමාවල් බිදුනා. එය මත් උනාත් මත් නොවී හිටපු මාව එයාම සිපගැනීමකට මුල පුරනකොට ඒ දේ වැරදි බව දැනන් උන්නු නිසාම මන් එයාගෙන් ඇත් වෙන්න හැදුවා උනාවත් එදා එයා හරිම ඉක්මනින් උනා.

ඉතින් මගෙ හිතත් හැමදාම වගෙ ඒ හිතට මත් වෙනකොට මන් වෙරි නොවීම ඒ පහසටම මත් උනා..

සීමාවල් බිදිලා යනකොට හරිය වැරැද්ද අමතක වෙලා යනකොට අවුරුදු හතරක් පුරාවට ඒ හිතට විතරක්ම ආදරේ කරපු මම එ පහසම හොයපු මම අපි අතර තිබුනු සීමාවල් බිදලා දැම්මා.

උනුසුම් සිප ගැනීම් මධ්‍යයේ ඒ හඩින් නිකුත් වෙන සිහින් කෙදිරිලි මාව තවත් උත්තේජනය කරනකොට ඒ සිහින් සියුමැලි සිරුර පුරාම මගෙ අතැගිලි ගියා වගේම ඒ රෑ එයා මගේම උනා.. අපි අපේම උනා...

ශරීරවලින් විතරක්.




❤😉












Waiting For Forever  ( One Shot )Where stories live. Discover now