" අවුරුදු දෙකක්.. ඒ දේ වෙලා අවුරුදු දෙකක්...."
" අවුරුදු දෙකක් වෙනවා යීබෝ.. අනේ ප්ලීස් ආයෙම මන් ගාවට එන්න.. "
" දන්නවද ඔයාව මෙහෙම දකිනකොට මට පිස්සු වගෙ රත්තරනෙ "
"දන්නවද එදා ඉදන් මන් තාමත් පිච්චෙනවා යීබෝ. දන්නවද එදා ඔයාගෙ මූන දැකපු වෙලාවෙ ඒ තිබුන හැගීම මාව නොමරා මැරුවා යීබෝ.. අනෙ ඇයි මේ තාමත් මන් එක්ක තරහෙන්ද යීබෝ? කරුණාකරලා මාත් එක්ක කතා කරන්න මට මෙහෙම කරන්න එපා.."
මන් ඇඩුවා ඒ දිග අතැගිලි මගෙ අතැගිලි එක්ක පටලාවා ගත්ත මම මගෙ කම්මුල් උඩ තියාන අඩ අඩම එයාට කතා කරාවත් එයා හෙල්ලුනේවත් නැති වෙනකොට මට හීල්ලුනා..
මට මතක් උනා එදා දවසෙ සිදුවීම් එක පෙලට.. කිසිම හැගීමක් නැති මූන එදා එ දවසෙ වේදනාව ඕනිවටත් වඩා පිරිලා ඉතිරිලා ගිහින් තියනකොට එයාට වඩා හිතින් මම ඒ මූන දැක දැක පිච්චුනා. අන්තිමේදි අපේ ජීවිතේ අපායක් කරපු ලුසී මගෙ ඇගිල්ලට මුදුව දැම්මාම එයාට හිමි මුද්ද මන් අතේ තියානම ඔයා දිහා බැලුවෙ ඒ දේ කරන්න තරම් මට හිත හදාගන්න බැරි උන නිසයි.. ඒත් කවදාවත් අඩනවා දැකලා නැති ඒ මූනෙන් කදුළු කැට පෝලිමට කඩා හැලෙනවා දැක්ක මට හැමදේම අමතක උනා..
ඒත් .....
විනාඩියක්වත් නොවී ඔයා එක පාරටමකඩන් වැටෙනකොට මට දැනුනෙ මුළු ලෝකෙම නැවතුනා වගෙ.. අතේ තිබුනු මුදුව ගිලිහිලා පහලට වැටෙනකොට ඒ සද්දෙ මුලු හෝල් එක පුරාවටම විහිදිලා යනකොට අල්තාරෙ උඩ හිටපු මම ඔයාව අල්ල ගන්න ඔයා ගාවට ආව යීබෝ...
ඔයා විතරක් නෙමේ යීබෝ මමත් අසරනයි මගෙ ලියෝ..මමත් අසරන උනා ගොඩක්...
මමත් ඔයාට ආදරෙයි මගෙ යීබෝ.. ඔයා වගේම මමත් ඔයාට ආදරෙයි. අද ඊයෙ නෙමේ ඔයාව දැක්ක දවසෙ ඉදන්..
❤😉
VOUS LISEZ
Waiting For Forever ( One Shot )
FanfictionI'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End - 29/06/2022