☘️ 09 Chapter ☘️

303 76 12
                                    

    

      " යිබෝ.. මේක ඔයාට.. හරියටම සති දෙකකින් උදේම එන්න ඔනි ඔන්න ඔයා තමා මගෙ දෙවෙනි මනමලයා..තව දෙන්නෙක් ඉන්නවා එත් ඔයා නැතුවව මන් මෙ දේ කරන්නෙ නැ යීබෝ..මගෙ හොදම යාලුවා මන් ලගම ඉන්න ඔනි මෙ දේට.. "

" හ්ම්.."

" උම්මා..මන් ආදරෙයි යීබෝ"

එයා අයෙම ආවෙ එයව තව දුරටත් මට එයාව හිමි නෑ කියන දේ එක්කමයි. තව සති දෙකකින් එයා ලුසීගෙම වෙනවා කියලා හිතනකොට මට ඕනි උනේ මැරෙන්න..

ඒත් එයා මගෙන් ඉල්ලුවා , එයාගෙ හොදම යාලුවා විදිහට එතන එන්න කියලා..එක අසාධාරණයි ..එක ඕනිවටත් වඩා අසාධාරණයි මගෙ බනී..මන් කොහොමද ඔයා වෙන කෙනෙක්ගෙ වෙනව බලන්නෙ?

එකම හීනයක් මවපු , එකම ගමනක් ප්‍රාර්ථනා කරපු අපි දෙන්නගෙ හැමදෙම නැති වෙලා ගිහින් තිබුනා..

මන් හැරෙන පමාවෙන් මගෙ හැමදේම දැනුන එයා, හැමදාමත් මගෙ හිත දෙයක් කියන්නත් කලින් තෙරුම් ගත්ත එයාට මගෙ හිතෙ එයා වෙනුවෙන් තිබුන ඒ හැගීම තේරුම් ගන්න බැරි උනා..

බනී මට තිබුනෙත් එකම හිතක් ඒ හිතම තමා මන් ඔයාට දුන්නෙත් . ඉතින් මෙච්චර මාව තෙරුම් ගන්න ඔයාට ඇයි බැරි උනේ එ දේ තේරුම් ගන්න?
බනී හැගීමකින් විතරක් එයා ගැන තිබුනු මෙ හිත හීන වලින් ඉස්සරහට අරන් ගියෙත් ඔයාමයි.. එත් ඇයි? ඇයි මග නතර උනෙ?

මට තව දුරටත් පුලුවන් උනෙ නැ එයා ගැන දැනෙන හැගීම් දරා ගන්න..
අඩුම තරමෙ එදාවත් අපි අතර උනෙ දේ වැරැද්දක් නොකීවා නම්..ආයෙම අයෙ මට මන් ආදරෙයි යීබෝ කීවා නම්.. මට ඔයා ගැන හැගීම් දරා ගන්න තිබ්බ මගෙ බනි. මට මාවවත් ඉතුරු වෙන්න තිබුනා..

ඒත්...

බලාපොරොත්තු දීලා ලන් වෙලා මගෙ හිතත් ආයෙ නොයෙන්නම එයා යන්න යනකොට මට මාවත් නැති උනා...

ඉතින් එයාගෙ අන්තිම ඉල්ලීම .., මන් එක ඉෂ්ට කරන්න සති දෙකකින් එය ගාවට ගියා ..
ලුසීගෙ සුදුපාට දිගම දිග වේල් එක ඇදි ඇදී යනකොට අල්තාරෙ උඩට වෙලා හිටපු එයාගෙ ඇස් දෙක මට මාව නැත්තටම නැති කරා..

ඉතින් මන් හැමදාමත් ඔය හිතට ආදරෙයි මගෙ බනී.......





                               ❤😉



මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමයි
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි

ප්‍රාර්ථනා මහ කන්දේ
කළුවර පාමුල උන්නේ මං
නුඹේ නුරා තරු එළියෙන්
කදු මුදුනට ගෙන නොගියා නම්

අදත් මා හිදීවී
තවත් නුඹ පතාවී

නුඹ ගැනම හිත හිතා ඉන්නට
හිතවත් මට දේවී

මා අහසේ ලියූ දේ
පෙනුනෙ නුඹට විතරමය
මා සුළගට කියූ දේ
ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ
නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ
ඒ එක හිත විතරමයි



                               💔




Waiting For Forever  ( One Shot )Where stories live. Discover now