☘️ 06 Chapter ☘️

299 78 8
                                    


" යීබෝ.. මෙ ලුසී මට ගිෆ්ට් එකක් දුන්නා.. මේ ලස්සනයි නෙද?"

කවමදාවත් නැතුව එය එයගෙන් තැග්ගක් අරන් එනකොට මට දැනුනා මගෙ හුස්ම හිර වෙනවා වගෙ..ඒත් එයා මට දෙන බලාපොරොත්තු වලින් මන් මගෙ හිත සනසා ගත්තා..

දවසෙ පැය 24ම මාත් එක්කම එකට හිටපු මගේ පන, මගේ බනී ටිකෙන් ටික මට මගෑරෙනකොට , මත් එක්ක එකට කාලෙ ගෙවන එක අඩුවෙනකොට උනාවත් මන් කරේම එයාගෙන් පිට වෙන එකම එක වචනෙකටත් බලාපොරොත්තු ගොඩ නගාගත්ත එක. මන් බය උනා එයා මගෙන් ඈත් වෙයි කියන හැගීම පවා දැනෙනවට...

" යීබෝ ... මට ඔයාට කියන්න දෙයක් තියනවා.."

" කියන්න බනී..මන් අහන් ඉන්නෙ.."

" මෙ...මේ.... මන්.. ලුසීට ආදරෙයි බන්.."

" හ්ම්..."

එයගෙ ඒ වචනවලට පුලුවන් උනා එක තප්පරෙන් මාව ගල් කරන්න..ආයෙම හැහීමක් නැති කෙනෙක් කරන්න..හැබැයි ඒ එක විනාඩියකට.. එයා එක මට කියලා යන්න යනකොට ජීවිතේ පලවෙනි පාරට මන් ඇඩුවා.. දරා ගන්න බැරි තරම් පපුව ඇදුම් කනකොට මන් හයියෙන්ම ඇඩුවා .

එත් මන් තව දුරටත් එ වචන සන්සන්දනය කරා.. " යීබෝ මන් ඔයාට ආදරෙයි" කියනකොට එයගෙ ඇස් අහසෙ තරුකැට පරදලා දිලිසෙනකොට , හැහීම් ගොඩක් ඒ ඇස්වල පිරිලා තියනව මන් දැක්කා . එත් මන් ලුසීට ආදරෙයි" කියපු තැන එ ඇස් සාමාන්‍යය විදිහට තියනකොට මන් ආයෙම හිත හදා ගත්තා..

" ඒක ආකර්ශනයක් විතරයි.."

දවස දෙක ගෙවෙනකොට එකම ගෙදර හිටපු අපි දෙන්නා හම්බෙන වාර ගාන, එකට ඉන්න වෙලාව තප්පරෙන් තප්පරේ අඩු වේගෙන යනකොට මන් ආයෙම පරන යීබෝ උනා. මගෙ බනී ඉස්සරහා විතරක් මගෙ වචන වැඩිපුර පිටකරපු මම එයා නැති තැන ආයෙම ගොලුවෙක් උනාත් එදාට වඩා මගෙ හිත හැගීම්වලින් බර වෙලා තිබුනා. හරියට පොලවට වැටෙන්න ලග වැහිවලාකුළු වගෙ..



❤😉








Waiting For Forever  ( One Shot )Tahanan ng mga kuwento. Tumuklas ngayon