Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 09___________ ♡ __________
මින්ට දැනුනෙ ලෝකෙම කඩා වැටුනා වගේ හැගීමක්. ඔහු හිතුවෙ ජොන් තමන්ව මේ සල්ලාලයගෙන් බේරා ගනීවි කියලා.. ඒ වුනත් ජේම්ස් ඒ විදිහෙ දෙයක් කිව්වම තමන්ට ඔහු කරදර කරනවා කියලා ජොන් පිළිගනීද..?විනාඩි කිහිපයක් ජොන්ගෙ බැල්ම යොමු වෙලා තිබුන මින්ගෙ දිලිසෙන ඇස් දිහාවට. ඒ දීප්තිමත් ඇස් ඒ වෙලාවෙ කියමින් හිටියෙ වෙනමම කතාවක් කියලා ජොන්ට වැටහෙන්න මහ ලොකු වෙලාවක් ගියෙ නෑ. ඒ වගේම ජේම්ස්ගෙ දකුනතේ තිබුන මගුල් මුදුව ජොන්ගෙ තියුනු බැල්මෙන් කොහොම බේරෙන්නද..?
" ඕහෝ..! තමුන් මින්ව විවාහ වෙන්න ඉන්න කෙනා නම් මන් මේ රටේ ජනාධිපති..!"
මේ අහංකාරයා නරකමත් නෑ වගේ නේද ඉතින්..?
" ජොන් මහත්මයා.. මන්-"
" ජී මින් පාක් කියන්නෙ මම විවාහ වෙන්න ඉන්න කෙනා, ඒ නිසා ඔහුගෙන් ඈත් වෙලා ඉන්නවා නම් මම කැමතියි..!!"
ඒ ජොන්ගෙ හඩ.. මින්ගෙ ඉන වටේ තිබුන ජේම්ස්ගෙ අත ඉබේම අතෑරුනා ද මන්දා ඉතින්.. කොහොම වුනත් මිනිත්තුවකට පස්සෙ මින් හිටියෙ ජොන්ගෙ දකුනත අතරට හිරවෙලා..
" එහෙම නම් අපි යන්නම්.. ඔයා..?"
" ජොන් මහත්මයා.., මේ අපේ කන්තෝරුවේ ප්රධානියා.."
" ආ.. හදුනාගැනීම සතුටක්.. පස්සෙ මුන ගැහෙමු එහෙනම්.."
ජේම්ස්ට ඒ විදිහට සමුදුන්න ජොන්, මින්වත් ඇඳගෙන එතනින් ගියේ මින්ගෙ ස්වේත වර්න දුහුල් කමිසය හැමදාමත් මින් පසුපස යනවා වගේ සැහැල්ලුවෙන්.
ඔවුන් කෝම හරි පයින් ගස් ගොමුවක් යට නතර වුනා.
" ජොන් මහත්මයා.. මාව.. මාව.. මේ.. මාව අතාරින්න.. මන්.. මේ..-"
අන්න එතකොට තමයි ජොන්ට මොලේ පෑදුනේ. ඒ වුනත් ඔහු ඒ වෙලාවෙ හොඳ මානසිකත්වෙක නම් හිටියෙ නෑ වගේ. මින්ගෙ ඉනෙන් අල්ලන් හිටපු ඒ අතින්ම ඔහුව තමන්ගෙ මූන ලගටම ඇඳලා ගත්තු ජොන් ඒ ඇස් දිහා කෙලින්ම බැලුවා.
" කියනවා.. කවදා ඉදන්ද ඒ මිනිහා තමුන්ට කරදර කරන්නෙ ආ..?!!" ඔහු ගිගිරුවා.
![](https://img.wattpad.com/cover/308438588-288-k544939.jpg)
YOU ARE READING
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~