Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 06___________ ♡ __________
" සුබ උදෑසනක් ජන්කුකී.. ඔයා මල් සැරසිලි ගැන බලන්න කෙනෙක්ව බැලුව ද..?"
" ආහ් ක්ලාරා.. ඔව් මන් බැලුවා.. මන් ඔහුට වැඩ පවරලත් ඉවරයි.. සුබ උදෑසනක් ඉතින්.."
අවදි වුන වෙලාවෙම වගේ ක්ලාරගෙන් ලැබුන දුරකථන ඇමතුමත්, සුබ උදෑසනකට ලැබුනු සුභ පැතුමත් නිසා ජන්කුක් හිටියෙ ගොඩක් සතුටෙන්. ක්ලාරගේ වගේම ජන්කුක්ගෙ විවාහය යෝජිත විවාහයක් වුනත් ඔවුන් දෙදෙනා දැනට අදුනන්නෙ අවුරුදු දෙකකට ආසන්න කාලයක ඉදන්. ඇත්තෙන්ම ඒ සම්බන්ධය දැන් ආදරණීය සම්බන්ධයක් වගේ..
අනේ මන්දා ඉතින්.. මට ඔය විවාහ ගැන අත්දැකීම් තියෙන එකක් යැ..!
" ඉතින් ජන්කුකී.. ඔයා උදේ කෑම අර ගත්ත ද..?"
" නැහැ ක්ලාරා.. මන් මේ ඇහැරුනා විතරයි.."
" එහෙම නම් ඉක්මනින් යන්න ජන්කුකී.. දැන් බලන්න වෙලාව.. අද යන්නෙ නැද්ද ඔයාගෙ අර මූසල මෘත ශරීරාගාරයට.."
" යන්න ඕනි.. එතන මූසල නැහැ ක්ලාරා.. අපි හැමෝමත් අන්තිමට එතනටමයි යන්නෙ..!"
" ඕනි එකක් ඉතින්.. මම එහෙනම් නවතිනවා ජන්කුකී.. ඔයා පරිස්සමෙන් හරිද..?"
" ඔයත් පරිස්සමෙන් ක්ලාරා..!"
ඉතින් ඒ දවස අපේ මේ ආඩම්බරකාර ජොන්ට නම් සුභ දවසක් වේවි නේද..? මොකද දවසෙ පළවෙනියටම ඇහුනු කටහඩ අයිති ක්ලාරටනෙ. අනේ ඉතින්.. මේවත් ආදර කතානෙ අන්තිමට බලන් ගියාම..
ජන්කුක්ට එදා දවසෙත් වැඩ තිබුනෙ මෘත ශරීරාගාරෙ. තමන්ගෙ සුඛෝපභෝගී නාන කාමරයට ගිහින් මුහුන කට හෝදගත්තු ජොන් ඉක්මනින් සූදානම් වෙලා උදේ ආහාරයත් අරගෙන එලියට ආවෙ අඩුම එදා 'මම එහෙනම් ගිහින් එන්නම්' කියලා, කියල එන්නවත් තමන්ගෙ දෙමව්පියෝ නිවසෙ හිටපු නැති නිසා.
ඔය අතරෙ ජොන්ට මතක් වුනේ ඊයෙ මෘත ශරීරාගාරයෙ ඉඳන් හඩපු හුරුබුහුටි තරුණයව.
මොකක්ද එයාගෙ නම..? අම්ම්.. අ.. ඇත්තටම මොකක්ද..? ඇත්තටම ජොන්ට ඒ තරුනයගෙ නමවත් මතක තිබුනෙ නෑ.
YOU ARE READING
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~