Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 18___________ ♡ __________
ලොරීනා ලැවෙන්ඩ'ර් කෝප්පයේ කඩදාසි බටයත් එක්ක සෙල්ලම් කරමින් හිටපු ජොන් තමන්ගෙ බැල්ම මින්ට හොරෙන් යැව්වෙ මින්ගෙ ආහාර දීසිය දිහාට. තමන් සූදානම් කරන කෑම වර්'ග වල කියන්න තරම් නරකක් නෑ කියලා ජන්කුක් කුඩා කාලයේ ඉදන්ම දැනගෙන හිටියා..ඉතින් වෙනදට ගොඩක් සතුටින් හිනාවෙමින් ආහාර ගන්න මින්ගෙ මැලවුණ මූණ අද කියන්නෙ ආහාර වේල හරි නෑ කියන එකද.. එහෙමත් නැත්නම් ඔහුට වෙනත් ප්‍රශ්නයක් කියන එකද..?
" මින් ඔයා හොඳින්ද..?"
ජොන් ඒ විදිහට විමසුවත් අර තරම් සුපරීක්ශාකාරි හුරුබුහුටි තරුණයට අද කිසිම දෙයක් ඇහුනෙ නෑ.. ඔහු හිටියෙ ටිකක් කල්පනාකාකාරී වෙලා.. ඒ කෙතරම්ද කියනවා නම් වෙනදට විනාඩියට හිස් වෙන ඔහුගෙ කැමතිම පානය අද හරි අඩක් පමණක් හිස් වෙලා කෑම මේසය මත පාලුවෙන් හිටියා..
" ජී මින්..!!?"
" ඔහ්.. මහත්මයා.?"
" ඔයා හොඳින්ද මින්.. නැතිනම් ඔයාට මොනහරි ප්‍රශ්නයක්ද.."
" නැහැ ජොන් මහතමයා.. එහෙම දෙයක් නෑ.."
" එහෙනම්..? පලතුරු සලාදය හොඳ නැතිද..?"
" අනේ නැහැ මහත්මයා.. මම හොඳින්.."
" ඔයාට මහන්සි පාටයි මින්.. ඔයා ඉක්මනින් නින්දට යන්න.. මම අද මුලුතැන්ගේ පිරිසිදු කරන්නම්.."
" අනේ ඒකට කමක්-"
" නැහැ පාක් ජී මින්.. ඔයා දැන් විවේක ගන්න ඕනි..!"
ජොන් එකපාරටම හැසිරුණේ අණ දෙන්නෙක් විදිහට.. ඒක නිකන් ජිමින්ගෙ කුඩා නිවසෙ අයිතිකාරයා ඔහු වගේ..
" හොඳයි.. එහෙම නම් පරිස්සමෙන්.."
වෙනදට දිලිසෙන ඇස් අදත් ඒ විදිහට දිලිසුනත් ඒ ඇස් වල හැන්ගිලා තිබුන පාලුවට ගිය ස්වභාවයට ජන්කුක් පොඩ්ඩක්වත් කැමති වුනේ නැති බව පේන්න තිබුනා.. ඒ වුණත් ඕනිවට වඩා දුරට හුරුබුහුටි තරුණයගෙ ජීවිතයට අත දාන්න ජන්කුක්ට කිසිම විදිහක අයිතියක් තිබුනෙ නෑ..
BINABASA MO ANG
IDELLIC TEAR | JIKOOK AU | ✔️
Fanfictionමා දෑසින් සදහට නික්මූ සාමකාමීම කදුල ඔබ.. It's you ~ The most peaceful tear My eyes ever gained.. ~~ JIKOOK AU Top - Jungkook Jeon Bottom - Ji Min Park - JM, JK Centric - Mid-length Chapters - Alternative Universe ©️ A Fiction by A_Shee ~