_Chapter 08_

301 103 23
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 08

___________ ♡ __________


කලු පැහැති දිග කලිසමට ගැලපෙන විදිහට ස්වේත වර්ණ දුහුල් කමිසයකින් සැරසුණු ජී මින් තමන්ගෙ කුඩා නිවසෙ දොර අගුලු දමලා යතුරු කැරැල්ල සාක්කුවට රිංගව ගත්තා. කලු කලිසමට දුහුල් කඩාහැලෙන ස්වේත වර්ණ කමිසය කියන්නෙ මින්ගෙ ජීවිතේ කැමතිම විලාසිතාව. ඒ විලාසිතාව තමන්ට කෙතරම් පහසුද කියනවා නම් ඒ සරල බවට මින් වශී වෙලයි හිටියෙ.

ඒ ඉරිදාවක් නිසා නගරයේ ගොඩක් කාර්‍යාලීය ඇදුමින් සැරසුනු මිනිසුන් දකින්නට හිටියෙ නෑ. හිටපු මිනිසුන්ගෙන් බහුතරයක් හිටියෙ කෙටි සවාරියකට පයින් ඇවිදගෙන ආපු අය විදිහට.

පාර දෙපස වැවිලා තිබුන උස පයින් ගස් වල හෙවන ඇතුලෙන් මින් හෙමිහින් ඉදිරියට ඇදුනා. ගෙවිලා තිබුනෙ දවස් කිහිපයක් වුනත් තමන්ට ඕනිවට වඩා දැනෙන තනිකම බෙදාගන්න තවත් කෙනෙක් ඔහුට ඕනි වුනා කියලා පේන්න තිබුනෙ ඔහු පාර අද්දර නැවතිලා හුලගට තමන් ඉස්සරහට වැටුන තැඹිලි පාට පයින් කොලයක් බිමට වැටෙන්න නොදී අල්ල ගත්ත නිසා.

ඔහු අද මේ ගමන ආවෙ කඩ වීදියට යන්න බලාගෙන. මොකද එදා තමයි සතියෙ කඩ වීදි දවස. ඉතින් අඩුවට මොනව හරි ඉදිරි සතියටම පිරිමහගන්න ජී මින්ට ඒ අවස්ථාව මග ඇරගන්න බැරි වුනා.

~~~~~~~~~~

වීදි ගනනක් පුරාවට විසිරිලා තිබුන සති කඩවීදියේ එහෙ මෙහෙ ඇවිදිමින් හිටපු මින් ඒ වන විටත් එක එක වර්ගයේ එළවලු පලතුරු කිහිපයක් මිලදීගෙන තිබුනා.

සුපිරි වෙළදසැලකින් පිටි කිරි පැකට්ටුවක් මිලදී ගන්න තිබුන නිසා ඉදිරි සතියට විතරක් අඩක් සූදානම් කරපු කකුලුවන් පැකට්ටුව මිලදී නොගෙන ඉන්න මින් තීරනය කලා වගේ. අන්න ඒ නිසා තමයි ඔහු කකුලුවන් ඉස්ටෝරුව දිහා ටික වෙලාවක් බලන් ඉදලා එතන නොනවතී ඉදිරියට ගමන් කලේ.

තනිකඩ ජීවිතය වෙලාවකට අපායක්..

ඒ වුනත් මිල මුදල් හිඟ ජීවිතය ඊටත් වඩා අපායක්..!!

~~~~~~~~~~

" මහත්මයා ඔයාට මේ බඳ පටිය තමයි ගැලපෙන්නෙ.. මේ කමිසයට මේ බඳ පටිය කියන්නෙ ප්‍රභූවරුන්ගෙ විලාසිතාවක්..!"

IDELLIC TEAR | JIKOOK AU | ✔️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin