_Chapter 04_

347 109 53
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Chapter 04

___________ ♡ __________


ජොන් පැත්තකට වෙලා කෙවින් දිහා බලන් හිටියෙ 'නිකන් තමුසෙට පිස්සුද' වගේ බැල්මකින්. ඒ කොහොම වුනත් කෙවින් නම් තමන්ගෙ මහලොකු ප්‍රධානියගෙ රැවිල්ලට බය වුනේ නැති පාටයි. නෑ.. සමහර විට බය වුනත් ඒ බව නොපෙන්න හිටියද කියලා කවුද දන්නෙ..

කොහොම හරි..

දැන් හරියට විනාඩි හතළිස් පහකට විතර වැඩි ඇති. කෙවින්ගෙ හුරුබුහුටි මහත්මයා තාමත් එක විදිහට අඩනවා. සමහර විට එයාගෙ කදුලු වලට අසාමාන්‍ය නිපැයුමක් ලැබෙනවා ඇති. එහෙමත් නැත්නම් අර ආර්ථික විද්‍යාවෙ තියෙන විදිහට ඇස් වලින් ඉල්ලන සැපයුමට අදාල විදිහෙ ඉල්ලුමක් දෙන්න කදුලු ග්‍රන්ථි එකපාරටම දක්ශ වෙලාද කියලා කවුද දන්නෙ..

හහ්.. මම මොනවද මේ කියවන්නෙ.. රසායනික විද්‍යාව වැහි වැහැපු වාතාවරනෙක මෙලෝ හසරක් නොදන්න ආර්ථික විද්‍යාවක් ගැන කියවන්නෙ..

දැන් ටික වෙලාවකට කලින් කෙවින්ගෙ හුරුබුහුටි මහත්මයාට ජොන් ඔහුගෙ ලොකු සහෝදරයගෙ අප්‍රානික හදවත පෙන්නුවා කියලා සමහර විට ඔයාලට මතකත් ඇති. ඒ වෙලාවෙ ඔහු අර ආඩම්බරකාරකාර ජොන්ගෙ අත අල්ලගෙන අඩන්න පටන් ගත්තා කියලාත් මතක ඇති.

ඒ වෙලාවෙම වගේ ජොන් ඒ තරුනයගෙ අත අතෑරලා දැම්මා කියලා නම් සමහර විට ඔයාල නොදන්නවා ඇති. එහෙම නේ..? මොකක් හරි..

" පාක් මහත්මයා.. මේ කෝපි එක බීලා ඉන්නකො.. දැන් ඔය ඇඩුවා ඇති නේද..? දැන් ඔයා ගොඩක් වෙලාවක ඉඳන් ඇඩුවා.."

කෙවින් මින්ගෙ කුඩා අතක් අල්ලගෙන එය පිරිමදින ගමන් අනෙක් අතින් ඔහුම මෘත ශරීරාගාරයේ කොනක ඉඳන් හදපු උනුසුම් කෝපි කෝප්පය දිගු කලා. ඇත්තෙන්ම වෙනදා කෙවින් ජොන් වෙනුවෙන් හදලා දෙන කෝපි කෝප්පයම මේ හුරුබුහුටි තරුනයට හදලා දුන්නත් ඒක වෙනදට සාපේක්ශව හොඳටම උනුසුම්ව තිබුනා කියලා තමන්ටම තේරුනත් ඒ ඇයි කියන්න කෙවින් දැනන් හිටියෙ නෑ.

තරු වගේ දිලිසෙන ඇස් දෙකෙන් කෙවින් දිහා බලපු මින් තමන්ගෙ සාක්කුවෙන් අත් ලේන්සුවක් අරගෙන කම්මුල් මතින් තවමත් ගලන් ගියපු කදුලු වලට තාවකාලික නැවැත්වීමක් අත් කරලා දුන්නා. ගැහෙන අත් දෙකකින් ඔහු ඒත් එක්කම කෝපි කෝප්පෙ තමන්ගෙ චූටි අත් දෙකට ගත්තෙ "සෲස්" ගාන හොඳ සද්දෙකින් බුරුල් වුන නහයත් උඩට අදින ගමන්.

IDELLIC TEAR | JIKOOK AU | ✔️Where stories live. Discover now