_The End_

372 96 94
                                    

Idellic Tear | JiKook [ A Fanfiction only ]
Last Chapter

___________ ♡ __________

විවාහ රෙජිස්ටාර්'තුමා සහ තවත් අමුත්තන් දෙදෙනෙකුට පමණක් සීමා වුන විවාහ සාදයක් ගත්තු තරුන යුවළ අති විශාල විවාහ උත්සවයක් ගත්තෙ නැහැ කියලා එකම විනාඩියක්වත් නොසතුටින් හිටියෙ නැහැ කියලා නම් මට විශ්වාසයි.

ඒ වුණත් ප්‍රභූ සම්ප්‍රදායන් බිඳලා දාන්න ජන්කුක් කැමති වුනේ නෑ. ප්‍රභූ සම්ප්‍රදාය කෙසේ වෙතත් ඔහුට තදින්ම ඕනි වුණා තමන් කලේ හොඳම තේරීම කියලා තමන්ගෙ දෙමව්පියන්ට දැනෙන්න අරින්න.. ඔහු තමන්ගෙ පළමු විවාහය පාවා දීම පිළිබඳව අමතක කරලා දාලා තිබුණත් අවුරුද්දක් ඇතුළට මින්ට කරපු වෙනස්කම් වලට නම් හිටියෙ ගොඩක් කේන්තියෙන්.

ජොන් පවුලෙ තියෙන ප්‍රසිද්ධිය ජොන් පවුලට වැඩිපුරම හිමි වුණේ තමන් නිසා කියලා ජන්කුක් දැනගෙන හිටියා. ඒ නිසා ජන්කුක් පවුලෙන් පිටව ජීවත් වෙන එක ජන්කුක්ගෙ කීර්'තියට කෙසේ වෙතත් ජොන් පවුලට නම් නොසෑහෙන්න අවනම්බු වුණා.

ඒ මොන දේ කිව්වත් ජිමින්ව ජොන් ජිමින් විදිහට ජොන් පවුල භාර ගන්න අකමැති වුණ නිසාම ජන්කුක් තීරණය කලා තමන්ගෙ බලය තනිවම පාවිච්චි කරලා ජිමින්ට සුදුසු තැන ගන්න.

අන්න ඒ අනුව යමින් තමයි ජන්කුක් ජොන් මන්දිරයේ විවාහ උත්සවය මාස ගණනක ඉදන්ම මේ විදිහට සැලසුම් වුනේ. ජිමින් කොච්චර කිව්වත් තමන් වෙනුවෙන් නැවතත් විවාහ උත්සව පවත්වන්න එපා කියලා ජන්කුක්ගෙ හිතෙත් ලොකු ආසාවක් තිබුණා ජී මින්ව මනාලයෙක් විදිහට දකින්න.

ඉතින් ඇත්ත කතාව ඒ විවාහ මංගල්‍ය ජන්කුක් සැලසුම් කලේ පවුලෙන් පලි ගන්නව නිසාමත් නොවන එක..

~~~~~~~~~~

ප්‍රභූවරු දහස් ගණනින් ජොන් මන්දිරය වෙත ඇඳිලා එන්න පටන් ගත්තෙ විවාහ උත්සවය ආරම්භ වෙන්න නොසෑහෙන්න වෙලාවකට කලින් ඉඳලා. හැමෝටම හරිම කඩිමුඩියක් තිබුනෙ ලෝක ප්‍රසිද්ධ ප්‍රභූ විද්‍යාඥයගෙ සහකාරයව බලන්න..

තේහ්‍යුන් විවාහ වෙලා නිසා ඔහුට දෙවෙනි මනාලයට රග දක්වන්න බැරි වුණත් ඔහුගෙ කඩවසම් බව නිසා කවුරුත් ඔහුට ඒ අවස්ථාව නොදී හිටියෙ නෑ. තේහ්‍යුන් ජන්කුක්ගෙ මිතුරා වුණත් ජිමින්ගෙ පාර්'ශවයට කවුරුත්ම නැති නිසා තේහ්‍යුන් ජිමින් වෙනුවෙනුත්, ඔහුගෙම සහෝදරයා සොක්ජින් කිම් ජන්කුක් වෙනුවෙනුත් පෙනී ඉන්න සූදානම් වුනේ හරියටම අර කලින් විවාහ උත්සවයෙ සාක්ශි දුන්නා වගේ.

IDELLIC TEAR | JIKOOK AU | ✔️Where stories live. Discover now