Part 16

1.2K 249 155
                                    

He Changed My Life..

💚 ඔහොම ඉන්න මන් කේක් එකක් අරන් එන්නම්..

❤️ හාම්කෝ... මට එන්න දෙන්නෑනේ..

💚 ඔන්න ඕම හිටාම්...කන පලා ගන්නැතුව..

❤️ අනේ හබෝ.. ආදරෙන් කතා කරන්නකො අප්පා...

💚 මාගේ ප්‍රිය බිරිදෝ.. මෙතන මදක් මා එනතුරු රැදි සිටින්න... උම්ම්ම්ම්ම්ම්මා...

යීබෝ කේක් ශොප් එකට යන ගමන් කියද්දි චාන් කට වහන් හිනා උනේ මිනිහගෙත් දැන් තියෙන නරි කෝලම් වලට..

මේ ඉතින් වන්ග් පපා මුලින්ම කිව්ව නසරානි මිනිහනෙ.. බොන එක ජීවිතේ කරගත්තු මිනිහනේ.. ඒත් වැඩේ කියන්නේ යීබෝ චාන්ගෙ ලගට හරි ඉක්මනින් කිට්ටු උනා.. හැමතිස්සෙම චාන්ට කොහොල්ලා ගුලිය කිව්වත් අන්තිමට දැන් කොහොල්ලා ගුලිය වෙලා ඉන්නේ නම් වන්ග් යීබො කියන මනුස්සයා.. කොච්චර වත් කොල්ලා චාන්ගෙ වටා කැරකෙන්න අරන් තිබ්බා..

මුහුදු වෙරළෙ ඉදන් මේ කේක් ශොප් එකට එනකල්ම චාන් ඇවිදන් ආවෙත් යීබෝගේ පපුවට තුරුල් වෙලා.. අවට ලොකූ ජනකායක් නොමැති නිසාම චාන් ඇති වෙන්න තුරුල් වෙලා ආවා... යීබෝ අන්තිමට කේක් ශොප් එකට යද්දි චාන් කේක් ශොප් එක ඉස්සරහට වෙලා පාර දිහා බලන් ඉන්නවා..

පුංචි පුංචි වතුර බිංදු අහසින් වැටෙද්දි මෙච්චර වෙලාවක් නොතිබ්බ පොඩි වැස්සක් ඇද හැලෙද්දී චාන් කල්පනා කරේ යීබෝ හවස කිව්ව දෙයක්...

💚 මන් චූටිම කාලෙත් ගොඩාක් ඇට්ටරයිලූ චාන් බබා.. ඒත් මට මතකයි මගෙ මමා නම් මට ගැහුවෙ බැන්නෙම නැති තරම්.. එයා මට කිව්වෙ තවත් ඇට්ටර වෙන්න කියලා.. සමහර දවස් වලට පපා මට හොදටම ගහපු දවසුත් තිබ්බා.. මමා නම් ඒවා ගනන් ගත්තෙ නෑ මැණික.. එයා ඉතින් ඒ මට ආදරේ නිසානේ.. මට නම් පපාව පේන්න බෑ ඉස්සර ඉදන්ම.. එයා හැමදාම මට කිව්වෙ අරක එපා මේක එපා කියලමයි.. ඒ නිසා මන් මගෙ පපාව හිතින් අතෑරලමයි හිටියේ..

❤️ ඉතින් ඇට්ටර වෙන එක හොද වැඩක් නෙවෙයිනේ හබී..

💚 අනේ මන්දා බබා.. මන් දවසක් මමාගෙන් අහලා පපාගේ තේකට ලුණුත් දැම්මා...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now